Colombo Today Local News

අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයා

බියගම පොලීසිය මඟින් වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ 66 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අදාළ පුද්ගලයා වෛද්‍යවරයෙකු වන සිය පුත්‍රයාගේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් මෙම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවය.

සැකකරුගේ පුත්‍රයා ලියාපදිංචි වෛද්‍යවරයෙකු වන අතර ඔහු විසින් 2017 වසරේ දී අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය ලියාපදිංචි කර ඇති බව සඳහන්ය.

2023 වසරේ ජුලි මාසයේ දී ඔහු විදෙස්ගත වී ඇති අතර අනතුරුව ඔහුගේ පියා විසින් සිය පුත්‍රයාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Related posts

ලොරියක් වටවල දී ප්‍රපාතයකට පෙරළෙයි

Admin

උතුම් මැදින් පුන් පොහොය අදයි !

colombotoday

මිරිහාන සිද්ධිය : ප්‍රතිකාර ලබන 23ක් රිමාන්ඩ්

colombotoday

කිංග්ස්බරී ප්‍රහාරකයාගේ හෙළිවු රහස්

colombotoday

හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

colombotoday

කූරගල පුරාවිද්‍යා භූමියට ඇතුල්වෙන ස්ථානයේ තිබූ අනවසර ඉදිකිරීම ඉවත් කෙරේ

colombotoday