Covid 19

කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයක – GMOA අනතුරු අඟවයි

කොවිඩ්-19 හේතුවෙන් කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඉකුත් දින 5 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 1083ක් වාර්තාවීමත් සමග මෙම අවදානම් තත්ත්වය මතුව ඇති බවය.

එහිදී, “කොවිඩ් රොගීන් වාර්තාවන ආකාරය අනුව කොළඹ සම්බන්ධයෙන් ඉතා පැහැදිළි පණිවුඩයක් කියවෙනවා. එදා ගම්පහ තිබිච්ච ඒ තර්ජනය සහ අවදානම අද කොළඹට යම් මට්ටමකින් ඇවිත් තියෙනවා. විශේෂයෙන් කොළඹ නගර සභා සීමාව තුළ පසුගිය දින කිහිපය තුළ දෛනිකව රෝගීන් 200කට වැඩි ගණනක් වාර්තාවෙන ස්වභාවයක් අපි දැක්කා. විශේෂයෙන් අලුත් අවදානම් ස්ථාන පිළිබඳ අපේ අවධානය යොමු වෙමින් තියෙනවා. ඉදිකිරීම් ස්ථාන පිළිබඳ විශේෂ අවදානමක් මතුවෙලා තියෙනවා. මේක බැරෑරුම්ව සැළකිය යුතු තත්ත්වයක්.” යනුවෙන් ද සඳහන් කළේය.

Related posts

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

colombotoday

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටත් කොරෝනා

colombotoday

ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 105කට කොවිඩ්

colombotoday

මාතර බන්ධනාගාරයේ 27ට කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් මරණ 72ක්

colombotoday

කොවිඩ් ආසාදිත මරණ 400 ඉක්මවයි

colombotoday