Colombo Today Local NewsTop Stories

ලක්ෂ්මන් යාපාට නඩු!

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමට පියවර ගෙන ඇති තිබෙනවා.

ඒ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන සිදුවීමකට අදාළව බවයි සඳහන් වන්නේ.

ඒ අනුව හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කොට තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා සංඛ්‍යාව පහක් වන අතර සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර තිබෙන බවත් නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21ක්  ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සටහන – මන්දාකිණි

Related posts

සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් ධීව‍රයෙකු බිමට වැටී මරුට

Admin

නව නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා !

colombotoday

මහින්ද අමරවීර අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

නව ආණ්ඩුකාරවරු පස් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි…

colombotoday

කරුණා ගැන ඥානසාර හිමි පැවසු බව සඳහන් කරමින් ව්‍යාජ ප්‍රකාශයක් අන්තර්ජාලයේ

colombotoday

වී ඇටයක්වත් නෑ… රජයේ ගබඩා පාලුවට යයි… සහල් මිල පාලනය ව්‍යාපාරිකයන් අතට

colombotoday