Colombo Today Local News

තියුණු ආයුධවලින් පහර දී දෙදෙනෙකු ඝාතනය කරයි

යාපනය – වඩුක්කොඩෙයි – සුළිපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

දෙපිරිසක් අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (13)දින රාත්‍රීයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඝාතනයට ලක්ව ඇත්තේ සුළිපුරම් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සහ 56 හැවිරිදි දෙදෙනෙක්.

ඝාතනය සිදුවූ අවස්ථාවේ ආරවුල සඳහා පුද්ගලයින් 15ක පමණ පිරිසක් පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වඩුක්කොඩෙයි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම එනවා -සජිත් තිරප්පනේදී කියයි

colombotoday

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට හේතුව යහපාලනය යැයි කබ්රාල්ගෙන් චෝදනා

colombotoday

පරණ ලාෆ් ගෑස් සිලින්ඩර යළි භාරගනියි

colombotoday

අම්පිටියේ සුමනරතන හිමිත් අලි සබ්‍රිට එරෙහි වෙයි

colombotoday

එන වසරේ එජාප – TNA හවුල් ආණ්ඩුවක් !

colombotoday

මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?

Admin