Colombo Today Local NewsTop Stories

කෙහෙළිය පුත් රමිත රිමාන්ඩ්!

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැමිණිලි තුනකට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල ජූනි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුගෙන් අද (21) දින ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

මෙම සැකකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා බවත්, ඔහු හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කර තිබෙන බවත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළ අල්ලස් කොමිසම, මෙම සැකකරු විසින් අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය සඳහා පුද්ගලයින් 15 දෙනකු නම් කරමින් ඔවුන්ව පත් කරන ලෙස සිය අත්සනින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලැයිස්තුවක් යොමු කර තිබූ බව අධිකරණයට දැනුම් දුන්නා.

එම පුද්ගලයින් 15 දෙනා කිසිදිනක අමාත්‍යාංශයේ සේවය කර නොමැති අතර, ඔවුන් එම තනතුරු සඳහා පත්කර තිබෙන්නේ නාමිකව බවත් ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අතිකාල දීමනා සියල්ල පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවක ගිණුමකට බැරකර තිබෙන බවත් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයිද එම නිලධාරීන් කියා සිටියා.

පසුව එම මුදල් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දේශපාලන ආධාරකරුවන්ට හා හිතවතුන්ට ලබා දී ඇති අතර, අමාත්‍යවරයාගේ පෞද්ගලික පරිහරණය සඳහාද යොදාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.

එසේ නාමිකව පත් කරන ලද පුද්ගලයින්ගේ දීමනා සියල්ල අනුමත කර තිබෙන්නේ මෙම සැකකරු විසින් බවත් මේ හරහා රජයට සිදු වූ පාඩුව රුපියල් ලක්ෂ 80කට අධික බවත් විමර්ශනවලදී අනාවරණය වුණා.

මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකිරීම සඳහා මෙම සැකකරු ඇතුළු සෙසු පිරිස එක්ව සංවිධානාත්මකව ක්‍රියාත්මක වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

Related posts

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් වේ..

colombotoday

පුරාවිද්‍යාඥයින් මෙරට රාජ්‍ය ආයතන තුල ස්ථාන ගත කරන්න සූදානමක්

Admin

“රණවිරු දඩයම් පනතට අත්සන් කරන්න එපා” – ඉදුරාගාරේ ධම්මරතන හිමි කතානායකට ලියයි

colombotoday

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

හුසේන්ගේ තවත් බොරුවක් අතේ පත්තුවෙයි.. පොකුරු බෝම්බ චෝදනා අසත්‍ය බව තහවුරුයි

colombotoday

අව් රශ්මියේ මහන්සිවී වැඩ කිරීම අවම කරන්න – 2023 මාර්තු තෙක් ලංකාව අවදානම්

Admin