Colombo Today Local NewsTop Stories

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින දෙයි

ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එලඹෙන ජූනි මස 27 වනදා කැඳවන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ අද (21) කැඳවනු ලැබූ අවස්ථාවේ නියෝග කෙරුණා.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ඇතැම් ලේඛන අද දින විවෘත අධිකරණයේ ලබාදෙන බව පැවසුවා.

සමහර ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂාවට ලක්කර ලබාදිය යුතු බවත් ඊට අමතරව විත්තිය ඉල්ලා සිටින තවත් ලේඛන සමහරක් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සඳහන් කර සිටියා.

එම අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිල්ල විසින් සියලු ලේඛන ලබාදීමෙන් අනතුරුව විත්තියේ ස්ථාවරය අධිකරණයට දැනුම්දෙන බවයි.

ඒ අනුව නඩුව නැවත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වන දා කැඳවන ලෙස නියම කෙරුණා.

ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

Related posts

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට රනිල් ව කැඳවයි

colombotoday

සතොස ගර්භණී මවුවරුන්ට පෝෂණ මල්ල දීම නවතයි

colombotoday

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ගැන නිල ප්‍රකාශය අද

colombotoday

ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම වැඩ තහනමට ලක් කළ යුතුයි

Admin

ගුවන්යානා, බුල්ඩෝසර්, දියමන්ති වැට් බද්දෙන් නිදහස්.. වැට් නොවදින භාණ්ඩ ලයිස්තුව මෙන්න

colombotoday

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට

colombotoday