Colombo Today Local NewsPoliticsTop Stories

සජිත් හෙට විශේෂ හමුවක!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සම්බන්ධයෙනි.

ඊයේ (15) රාත්‍රියේ කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකදී මේ පිළිබඳ සාකච්ඡා කර මෙම එකඟතාවයට පැමිණ ඇති බව සඳහන් වේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් බහුතර සභික සංඛ්‍යාව 50% ඉක්මවූ හෝ 50% ප්‍රතිශතයක් ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් ඊයේ සිදුකර තිබේ.

කෙසේ වෙතත් එම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගයේ පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි වී නැති බවද වාර්තා වේ.

Related posts

රටේ වැඩිපුර ඇති කලුගල් අපනයනය කරන්න සූදානම්

Admin

උතුරු – නැගෙනහිර අද හර්තාල්

Admin

රුවන්වැල්ලේදී තරුණයෙක් ඝාතනය කෙරේ

colombotoday

ඖෂධ අධිකාරියේ විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නෙරපයි

Admin

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තබයි

colombotoday

උපකාරක පංති ගුරුවරයෙකුට කොරෝනා.. සිසුන් 100ක් නිරෝධායනයට

colombotoday