Uncategorized

ඩෙංගු පැතිර යෑමේ වර්ධනයක්? සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

වසරේ ගෙවුණු මාස 5ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 20, 942ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දනය ඒකකය පවසයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළිත් හිස ඔසවමින් පවතින අතර වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.

මීට අමතරව රත්නපුරය, මහනුවර, ත්‍රිකුණාමලය, මඩකලපුව, මාතර, ගාල්ල දිස්ත්‍රික්කවලින්ද වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ.

එසේම ඩෙංගු රෝගයට අමතරව චිකන් ගුන්යා සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයන්ගේ ඉහළ යාමක්ද මේ දිනවල වැඩි වශයෙන් දැකගත හැකි වේ.

මේ අතර මේ මස 19 වැනිදා සිට 24 වැනිදා දක්වා මදුරු මර්දන සතියක් ද ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද ඩෙංගු මර්දන ඒකකය පවසා සිටී.

Related posts

රාජිතගේ කොළපාට පෝස්ටරය මැ.කො. නවත්වයි

colombotoday

මත්ද්‍රව්‍ය සමග තලවතුගොඩ බොත්තමා අත්අඩංගුවට

colombotoday

අයවැයට කැබිනට් අනුමැතිය

colombotoday

එජා මානව හිමිකම් වාර්තාව ප්‍රතික්ෂේප කරයි. | ශ්‍රී ලංකා රජය ලිඛිතව දන්වා යවයි.

colombotoday

මහාචාර්ය ඡන්නගේ වීඩියෝව විකෘති කර ඇත්තේ චම්පිකගේ හනීෆා !

colombotoday

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට දුන් නියෝගය

Admin