Colombo Today Local News

රාජිත කියන්නේ නැව් ගිලපු හොරෙක්.. තවත් එජාප ඇමතිලා තොගයක් බැදුම්කර පෝලිමේ…

යහපාලන ආණ්ඩුව යටතේ සිදු වු මහා බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක පමණක් නොව කෝප් වාර්තාට ෆුට් නෝට් දැමු කල්ලියද සම්බන්ධ බවට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

‘රාජිත සේනාරත්න කියන්නේ ගිය ආණ්ඩුව කාලේ නැව් ගිලපු ලෝක හොරෙකු බවත්. මෝදර ධීවර වරාය බදු දීම හරහා පසුගිය රජයේ ධීවර අමාත්‍යවරයා ලෙස කෝටි 47 ක් ජනතාවගේ මුදල් හොරා කෑ එකාට රවි කරුණානායක අමාත්‍යවරයාගේ නිවාස වංචාව ලුණූ බිගක් බවත් පත්වීම මහා ලොකු දෙයක් නෙවෙයි, දැන් ආණ්ඩුව උත්සහ ගන්නේ බැදුම්කර වංචාව රවි කරුණානයකගේ පිටින් යවා ඇග බේරාගැනීමටයි.. එහෙත් අද රවි කරුණානයක නිධානය ගන්න දීපු බිල්ල බවට පත්වෙලා, ඒත් නිධානය ගත්ත එජාපයේ නායකයින් සියල්ලම නීතිය ඉදිරියට ගෙනා ආ යුතුයි. ඒ අනුව කබිර් හසීම්, මලික් සමරවික්‍රම පමණක් නොව කෝප් කමිටුවේ අර්ජුන මහේන්ද්‍රන් ගේ දුරකතන උපදෙස් අනුව ෆුට් නෝට් යෙදු අජිත් සී පෙරෙරා, සුජිව සේරසිංහ, හර්ෂ ද සිල්වා හා හර්ෂණ රාජකරුණා වැන්නන් ද නිතීය හමුවට ගෙන ආ යුතු’ යැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Related posts

මරණ තර්ජන කිරීමට වාස් ගුණවර්ධන වැරදිකරු වෙයි

colombotoday

“කොළඹ අභිමානය” නමින් සමලිංගික සැණකෙළියක් – එජාප තරුණ බලමණ්ඩලයත් හවුල්

colombotoday

‘නබිතුමාණන් විශිෂ්ඨ ආගමික ශාස්තෘවරයෙකි, එතුමා ආදර්ශයට ගෙන උතුම් සමාජයක් හදමු’ – අගමැති

colombotoday

‘අපි තව ටිකක් ඉවසීමෙන් යං’

colombotoday

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ගුරුවරු කරත්තයෙන් පාසල් යයි

colombotoday