Colombo Today Local News

හිස් ආවරණය නිසා විභාග අක්‍රමිකතා – මුස්ලිම් විභාග අපේක්ෂිකාවන්ට නීති වෙනස් වෙයි !

විභාග වලදී මුහුණ සහමුළින්ම ආවරණය කෙරෙන වේල් පැළඳීම තහනම් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඇතැම් විභාග අපේක්ෂිකාවන් මුහුණු ආවරණ සහිතව (VEIL) විභාග වලට පෙනී සිටීමේ දී කුඩා මයික්‍රොෆෝන් සහ විද්‍යුත් උපකරණ වේල් අස්සේ සවිකොට සඟවා තබා ගනිමින් පිළිතුරු ලියා ඇති බවට පැමිණිලි ලැබී තිබුණ බව අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වේලුසාමි රාධක්‍රිෂ්ණන් සඳහන් කළේය.

“අපි මේ තහනම ප්‍රකාශයට පත්කළේ ඇතැම් අපේක්ෂිකාවන් මයික්‍රොෆෝන් සහ විද්‍යුත් උපකරණ ආදිය වේල් අතර සඟවා තබා ගනිමින් විභාග වංචා සිදු කරන බවට තොරතුරු ලැබීම සැලකිල්ලට අරගෙනයි” ඔහු පවසයි.

ඊට අමතරව මුහුණු ආවරණය පාවිච්චි කරමින් සැබෑ අපේක්ෂිකාව නොව වෙනත් තැනැත්තියන් විභාග සඳහා පෙනී සිට ඇති බවත් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වේලුසාමි රාධක්‍රිෂ්ණන් පවසයි.

එම කරුණු සැලකිල්ලට ගනිමින් පනවන ලද තහනම අද (අගෝස්තු 09 වෙනිදා) ආරම්භ වෙන උසස් පෙළ විභාගය සඳහා බල පැවැත්වෙයි.

“මුස්ලිම් විභාග අපේක්‍ෂිකාවන්ට අපි උපදෙස් දීලා තියෙනවා-විභාග ශාලාවට ඇතුල් වීමට පෙර අනන්‍යතාව පරීක්ෂා කිරීම සඳහා මුහුණු ආවරණය ඉවත් කරන්න කියල. ඒ වගේම විභාගයට ලියන කාල සීමාව ඇතුළත මුහුණු ආවරණය ඉවත් කරන්න කියල අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් ඉල්ලීමක් කරලා තියෙනව” අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වේලුසාමි රාධක්‍රිෂ්ණන් බීබීසියට ප්‍රකාශ කළේය.

(බීබීසී සිංහල සේවය)

Related posts

ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය අදින් අවසන්

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට දුන් බලපත්‍රයෙන් දෙදෙනෙක් හෙරොයින් ප්‍රවාහනය කරලා

colombotoday

නොරොච්චෝලේ පළමු අදියරේ බිඳවැටීමක්

colombotoday

කරන්නාගොඩගෙන් ඊයෙත් පැය හතර හමාරක් ප‍්‍රශ්න කරයි

colombotoday

මේ වසරේ දී පමණක් පුත්‍රයින්ගේ පහරදීමෙන් පියවරු 6ක් ඝාතනය වෙලා.

colombotoday

ජනපති ගැන අනාවැකි කියන්න ගිහින් උසාවි යන්න වූණු විජිත රෝහණගෙන් පුංචි ඡන්දය ගැන අනාවැකියක් (Video)

colombotoday