2025 වසරේ ජූනි මස සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා විදුලි ගාස්තු 18.3%කින් වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් කොට තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අනුව, අවසාන තීරණයක් ගැනීමට පෙර මෙම යෝජනාව මහජන උපදේශන ක්‍රියාවලියකට භාජනය කිරීමටද නියමිතයි.
යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ජූනි මස පළමු සතිය තුළදී මහජන උපදේශනවලින් පසුව ප්‍රකාශයට පත් කිරීමට මියමිත බවද මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කොට සිටිනවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභා ගාස්තු ක්‍රමවේදයේ 5.2 වගන්තියට අනුව, අවසාන පරිශීලක ගාස්තු තීරණය කරනු ලබන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම් අවශ්‍යතා මතයි.
ඉන්ධන ලබා ගැනීමේ හැකියාව, අනාගත මිල ගණන්, ජල විදුලි බලාගාර ගලා ඒම, බලාගාර කාලසටහන්, පොලී අනුපාත, ආර්ථික ප්‍රකෘතිය, බලශක්ති ඉල්ලුම, සම්ප්‍රේෂණ සහ බෙදා හැරීමේ ගැළපීම් ආදී සාධක විශ්ලේෂණය කරමින් සිය ගාස්තු නියම කිරීම සිදුකරනු ලබන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව 2025 ජූනි සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා රුපියල් මිලියන 42,196.1ක හිඟයක් ඇස්තමේන්තු කර ඇති අතර ඒ සඳහා 18.3%ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය වන බව ඔවුන් කියා සිටිනවා.
මූල්‍ය හා මෙහෙයුම් ස්ථාවරත්වය සහතික කිරීම සහ විදුලි සැපයුමේ විශ්වසනීයත්වයට ඇති විය හැකි අවදානම් අවම කිරීම සඳහා, ලංකා විදුලිබල මණ්ඩලය සිය ඇමුණුම ඓඓඓ මගින් ඉදිරිපත් කර ඇති පරිදි වත්මන් ගාස්තු ව්‍යුහයට සංශෝධනයක් යෝජනා කර සිටින්නේ ඒ අනුවයි.