Colombo Today Local News

ත්‍රස්ත මර්ධන පනත අහෝසියි.. අලුත් පනත හදන වැඩේ අගමැති සාගලට බාරදෙයි !

tmp2

දැනට පවතින ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත වෙනුවට නව ත්‍රස්‌තවාදී ප්‍රතිරෝධන පනතක්‌ ගෙනඒමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කළ සංදේශයකට අනුමැතිය හිමිව ඇත.

මේ සඳහා ප්‍රතිපත්ති හා නෛතික කාර්ය රාමුව කෙටුම්පත් කිරීමට නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයාගේ සභාපතිත්වයෙන් කමිටුවක්‌ පත් කරනු ලැබූ අතර එම කමිටුවේ නිර්දේශය පරිදි සකස්‌ කළ ප්‍රතිපත්ති හා නෛතික කාර්ය රාමුව ජාතික ආරක්‍ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කමිටුවට ඉදිරිපත් කර මසක්‌ ඇතුළත නිරීක්‍ෂණ ලබාදීමට නියමිතය. එම නිරීක්‍ෂණ පසුව නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට යොමු කෙරේ.

ත්‍රස්‌තවාදය මැඬලීමේ හා ඒ හා සම්බන්ධ අවශ්‍ය පියවර ගැනීමට ප්‍රමාණවත් විධිවිධාන සැලසීම, මානව හිමිකම් වගකීම් පරිපූර්ණව ඉටු කිරීම සහතික වනු පිණිස මෙම නව කෙටුම්පත සකස්‌ කිරීමට අපේක්‍ෂා කරන බව රජය පවසයි.

– දිවයින

Related posts

එජාපය ගාල්ලේ පළාත් පාලන ආයතන 20ට ම ඇප බඳී

Admin

“මල්ලී.. මම විශ්වාස කරපු කෙනා තමයි ආප්ප කාල පැන්නේ” හිටපු ජනපති ගල්ගමුවේදී

colombotoday

රජය සතු සියලු වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 814 යි !

colombotoday

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්

Admin

අතුරුදන්වූවන් පිළිබද පනත කල් දමයි !

colombotoday

අම්පාර පොතුවිල් පල්ලියකදී ෂරියා නීතිය ක්‍රියාත්මක කරයි. – මවුලවිගෙන් වේවැල් පහර. තවත් ගුටි පුජාවකුත් දෙයි. VIDEO

colombotoday