featuredTop StoriesUncategorized

The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – දෙවන දිගහැරුම

පෙර කොටසෙන්

නායකතුමා අතැති නවීන පන්නයේ ජංගම දුරකථනය හැඬවුණේ ඔහුගේ කතාවට බාධා කරමින්. ඇමතුම සම්බන්ධ කරමින් එය කණෙහි තබාගත් නායක තුමා අනෙක් පසින් ඇසෙන කටහඬ වෙත සවන් යොමු කළ අතර ඔහුගේ මුහුණ වෙනස් වන්නට ගත වුණේ සුලු වේලාවයි.

දෙවන දිගහැරුම

‘‘දෙයියෝ සාක්කි’’

ඔහු ඇමතුම විසන්ධි කරමින් කියා සිටින අතර ඔහුගේ කටහඬෙහි තැති ගත් ස්වරයක් ගැබ් වුණා.

‘‘ජනාධිපතිතුමාව මරල’’

…………

සභාව පුරා පැතිර ගියේ මීයට පිම්බාක් බදු නිෂ්ශබ්දතාවයක්. අනපේක්‍ෂිත පුවතින් සියලු දෙනා සැලී ගිය අතර ඔවුන්ට සිහි එළවාගන්නට ටික වේලාවක් ගත වුණා.

‘‘ඒ විතරක් නෙමෙයි සහෝදරවරු’’

ඔවුන්ට සිය නායකයාගේ කටහඬ ඇසෙන්නට වුණේ සිහිනයෙන් මෙන්.

‘‘රට පුරාම බෝම්බ වැලක් පත්තු වෙලා. එකම වෙලාවෙ, බෝම්බ අටක්. අපි ඉවරයි. අපි ඉවරෙටම ඉවරයි සහෝදරවරු’’

නායකතුමාගේ ප‍්‍රකාශයෙන් සියලු දෙනා සැලී ගියා. සැමගේ මුහුණු වල දකින්නට තිබුණේ භීතියට පත් ලකුණු.

‘‘එහෙම වෙන්න බෑ නායක සහෝදරය’’

තිස්ස අත්තනායක කතා කරන්නට වුණේ වෙවුලුම් ස්වරයෙන්.

‘‘අපේ අතීතය මොකක් උනත් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ධාරාවෙ ඉන්න ප‍්‍රධාන පක්ෂයක්. අනික අපි මේ දේවල් වලට කිසිම සම්බන්ධයක් නෑනෙ. මේක එකත් එකටම මාතලං කල්ලියෙ වැඩක්’’

‘‘පැහැදිළවම, පැහැදිළිවම අත්තනායක සහෝදරය. ඒ වුණාට ගැටලුව තියෙන්නෙ, මේ වෙලාවෙම අපේ ආනන්ද පතිනායක සහෝදරයව අත්අඩංගුවට අරන්. රඳවගෙන ඉන්නව. ඒකත්, මේ සිද්ධි දෙකත් සම්බන්ධ කරල බලන්න. එක වැලට. මොකද්ද පැහැදිළි වෙන්නෙ. මේකට අපේ නමත් ඈඳෙන එකට කිසිම සැකයක් නෑ’’

‘‘නායකතුමා කියන්නෙ අපිව ආයෙමත් තහනම් කරයි කියලද?’’
එසේ ඇසුවේ රංජන ප‍්‍රියනන්දන. නායකතුමා හිස සැලූවා.

‘‘මොකකින් මොකක් වේවිදැයි කියල කියන්න බෑ සහෝදරවරු. අපිට ආයෙමත් ටික කාලෙකට හැංගිලා දේශපාලනේ කරන්න වෙයි වගේ’’

ඔහු පැවසුවේ පක්‍ෂය විසින් දියත් කළ පසුගිය කැරැල්ල සමයේ පාලන තන්ත‍්‍රයේ මර්දනකාරී හස්තයෙන් ගැලවෙනු වස් සැඟවී ගත කළ රහසිගත දිවිය සිහිපත් කරමින්. ඒ කාලය ඔවුන්ට දේශපාලනික වශයෙන් බොහෝ අත්දැකීම් ලබා ගන්නට ඉඩ කඩ හිමි වූ කාලයක් වුණා.

‘‘මේක මං හදපු පක්ෂෙ. මං මේකෙ අවුරුදු තිහක් නායකකම කරා. මගෙ නිකට පැහුණෙ අකලට නෙමෙයි සහෝදරවරු’’

ඔහු එවර කතාකරන්නට වුනේ වේගී උස් ස්වරයකින්.

‘‘මේක කාලයක් ආණ්ඩුවෙ හෙංචයියන්ගෙ පාරාදීසයක් වෙලා තිබුණ. ඒ හැමෝම එලවල දාල මං සහෝදරවරුන්ව මගෙ ළඟට ගත්තෙ ඔය හැම කෙනෙක්ම මට විශ්වාස නිසා. හැබැයි අමතක කරන්න එපා සහෝදරවරු. මං ඔය හැම කෙනෙක්ම ගැන හොයන එක නතර කරල නෑ’’

ඔහු කතාව මදකට නවතා වතුර උගුරක් පානය කළා.

‘‘පතිනායක සහෝදරය ගැන ආරංචි මට එන්න ගත්තේ අද ඊයෙක නෙමෙයි සහෝදරවරු. ඒ විතරක් නෙමෙයි. මේ ඇටෑක් එක ගැනත් අපේ බුද්ධි අංශෙ හරහා මට යම් යම් තොරතුරු ඇවිත් තිබුණා. ඒත් ඒව මං මේ වට මේසෙ දිගෑරියෙ නැත්තෙ ඒව සම්බන්ධයෙන් සීයට සීයක්ම පැහැදිළි සාක්ෂි නොතිබුණ නිසා’’

‘‘මොනවද නායකතුමා ඒ ආරංචි’’

එසේ ඇසුවේ දයා පුංචිහේවා.

‘‘ලැබුණ ආරංචියෙ හැටියට මට ලොකු විශ්වාසයක් තියෙනව මේකත් අර මාතලං කල්ලියේ වැඩක් කියල. ඒ විතරක් නෙවෙයි සහෝදරවරු. පතිනායකත් මාතලං කල්ලියට සම්බන්ධයි කියන්න සාක්ෂි මං ළ`ගඟ එකතු වෙලා තියෙනව. ඒ කියන්නෙ මේ සිද්ධියට පතිනායකත් සම්බන්ධ බවට කිසිම සැකයක් නෑ. පතිනායක කියන්නේ මීයෙක් සහෝදරවරු. පතිනායක මීයෙක්’’

ඒ හෙළිදරවු කිරීමෙන් සියලු දෙනා සැලී ගියා.

‘‘නායකතුමාට හොඳටම විශ්වාසද ඒ බව?’’

රංජන් ප‍්‍රියනන්දන හඬ අවදි කළා.

‘‘මේ මොනව අහනවද සහෝදරවරු. දැන් ඉතින්, දැන් ඉතින් අපිත් ඉවරයි’’

ඔහු පැවසුවේ කණස්සලූලු ස්වරයෙන්. එසේම සැබැවින්ම පෙන්වනවාටත් වඩා දැඩි තැතිගැන්මකට ඔහු පත්ව සිටි අතර නායකතුමා ඒ බව ස`ගඟවාගන්නට දැඩි වෙහෙසක් දැරුවා.

‘‘එහෙම වෙන්නෙ කොහොමද නායකතුමා. අපි රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ධාරාවේ ඉන්න ප‍්‍රධාන පක්ෂයක්’’

දයා පුංචිහේවා කියා සිටියා.

‘‘ඒ වුණාට සහෝදරවරු, පතිනායකගේ අපේ පක්ෂෙත් එක්ක තියෙන සම්බන්ධතාවය රටම දන්න කාරණයක්. ඉතින් මේකට අපේ නම ගෑවෙන එක අහන්නත් දෙයක්ද? තුන්වෙනි වතාවටත් අපි ඉවරයි’’

‘‘නායකතුමා කියන්නෙ අපිට ආයෙත් බංකර් වලට යන්න වෙයි කියලද?’’

ජානුක වෙඩිආරච්චි පක්ෂයේ සන්නද්ධ අංශ නායකයා අසා සිටියා. පසුගිය කැරළි සමයේ රජයෙන් වසං වී සැඟවී සිටි කාලය ඔහුට සිහිපත් වුණා.

‘‘ම්හ්, එහෙමමත් නෙමේ සහෝදරය, අපිට අවධානෙන් ඉන්න වෙනව. අපි මේ කිසි දේකට සම්බන්ධ නැති බව දන්නෙ අපි විතරයිනෙ. යම් විදිහකින් පතිනායක අපිව පාවා දුන්නොත් අපි ගැනත් ආරක්ෂක අංශ වල අවධානය යොමු වෙයි. ඒ නැතත් පතිනායක අපේ පක්ෂෙ කෙනෙක් නිසා මේ සිද්ධියට අපේ පක්ෂෙත් ඈඳෙන්නෙ නිරායාසයෙන්මයි සහෝදරවරු. අනික ආණ්ඩුවට අපිට ගහන්න මේක හොඳ අවස්ථාවක්. අමතක කරන්න එපා සහෝදරවරු, අවස්ථාව ලැබුණු සැනින් මර්දනය දියත් කරන්න උත්සුක වෙන එක මේ ප‍්‍රතිගාමී ධනේශ්වර ආණ්ඩුවේ සහජාස ලක්ෂණයක් බව. අපි හැමෝම දැන් ඉන්නෙ අවදානමේ’’

නායකතුමාගේ පැහැදිළි කිරීම් සෙස්සන් හිස සළමින් අසා සිටියා. ඒ අතර අතක් ඉහළට එසවුණා.

‘‘නායකතුමා, මට ප‍්‍රශ්නයක් තියනව අහන්න. දැන් ටිකකට කලින් මේ සාකච්ඡාව ආරම්භයෙදි නායකතුමා කිවුව පතිනායක සහෝදරය නිරුපද්‍රිතව එනවයි කියල. ඒත් දැන් ඔබතුමා කතා කරන්නෙ ඒ ගැන එතරම් විශ්වාසයක් නැති විදිහටයි. මොකද්ද මේ පරස්පරේ. අපි දැන් ගනිමුකො කෝල් එකක් පතිනායක සහෝදරයගෙ සැටලයිට් ෆෝන් එකට. එතකොට අපිට දැනගන්න පුලුවන්නේ සිද්දිය සහසුද්දෙන්’’

එසේ පැවසුවේ ලාබාලම සාමාජිකයා වූ හර්ශන තේනුවර. එයට නායකතුමා පිළිතුරු දුන්නේ ලොකු සිනාවකින්.

‘‘සහෝදරය හිතන්නේ මං මේ පක්ෂෙක නායකකම කරන්නේ ඔය වගේ පොඩි දෙයක්වත් කරගන්න බැරුව කියලද. පතිනායකගේ ෆෝන් එක අද උදේ ඉඳන් වැඩ කරන්නේ නෑ සහෝදරවරු. ඒත් ඒක ඊයෙ වැඩ කරා. ඒ හින්දම මට විශ්වාසයි. ඇරත් පතිනායක අවදානම් වලට මූණ දීලා තියෙන්නේ අද ඊයෙ ඉඳන් නෙවෙයි. අනික මිනිහා දන්නෙ නෑ මට මිනිහගෙ ඩබල් ගේම් එක ලීක් වෙලා තියෙන බව. ඒ නිසාම මිනිහා බාරගත් වැඩේ අවසන් කරගෙන මෙහාට එන බව මට ඉන්තේරුවෙන්ම විශ්වාසයි, කොයි මොහොතක හරි. හැබැයි’’

නායකතුමා විරාමයක් ගත්තා.

‘‘මගෙ හිතෙත් පොඩි සැකයක් නැතුවාම නෙමෙයි. අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියල. මොනව උනත් මට විශ්වාසවන්තව ඉන්න සහෝදරවරු කාටවත් කරදරයක් වෙන්න මං ඉඩ තියන්නේ නෑ. මං පණිවිඩ යවලයි තියෙන්නෙ අපේ නීති අංශෙට රැස්වෙන්න කියල. අපි දැන් විසිරෙමු. අවධානයෙන් ඉඳිමු සිද්ද වෙන දේවල් ගැන. සම්බන්ධතාවය තියා ගන්න. ආයෙමත් රැස් වෙන දවස මං දැනුම් දෙන්නම්’’

නායකතුමා එහේ පවසමින් රැස්වීම කෙටියෙන් හමාර කළේ සියලු දෙනාගේ සිත් තුළ ඇසීමට තවත් දහසක් ප‍්‍රශ්න නළියමින් තිබියදී. එසේම, පිරිස අතර සිටි පක්‍ෂයේ සන්නද්ධ අංශ නායකයා වූ ජානුක වෙඩිආරච්චි අතිශයින් පුදුමයට පත් වී සිටියා. ඔහු මෙතෙක් දැන සිටියේ නැහැ තම නායකයා මෙතරම් ප‍්‍රතිභා සම්පන්න රංගන ශිල්පියෙකු බව. තම නායකයාගේ රංගන හැකියාව ගැන පුදුමයට පත් වෙමින් වෙඩිආරච්චි පක්ෂ සංගම් කාර්යාලයෙන් පිට වුණේ අන් අයට නොපෙනෙන සේ නායකයා දෙස බලා ඇසක් ඉඟි මරමින්.

………………………………….

ගාලු පාරට දාල ටික දුරක් එනකොට කලු පාට වැගන් ආර් එකක් වාත වෙන්න ගත්ත ප‍්‍රියස් එකට. ඇක්වා එක ඇල්ටෝ එකක් එක්ක ඇමිණි ඇමිණි හිටිය. රියදුරා සෑහෙන වාර ගාණක් සිග්නල් දාල ඇල්ටො එකට ඉස්සර කර ගත්තෙ ගෝල්ෆේස් එක පේන නොපෙනන හරියෙදි.

‘‘ෂික්, මේ පොඩි වාහන පදින ප…ගෙ පුදුම කැටයං’’

මිනිහ තමන්ටම කොඳුර ගත්තෙ පහු වෙලා යන වාහනේට හයියෙන් හෝන් එකක් ගහන ගමන්. ඩ‍්‍රයිවින් සීට් එකේ හිටපු එකා තමන්ට මැද ඇන්න්ඝිල්ල උස්සල පෙන්නනව රියදුරා දැක්ක. වාහන පෝළිම උදේම රස්සාවල් වලට යන දෙනෝදාහක් මිනිස්සු පිරුණ බස්, කාර්, කුලී රථ පිරුණු වාහන ගංගාවට මුහු වුණා. ගලදාරි එක පහු වෙන කොට ජනාධිපතිතුමාගේ ඇස් සහ කට තදින් පියවුණා. ඔහුගේ පපුව වේගෙන් ගැහෙන්න වුණා. ඔහුට දත්මිටි කැවුණ.

……………………………

තප්පර ගානකට පස්සෙ ඇක්වා එකේ රියදුරා දැක්කෙ ජනාධිපතිතුමාගෙ සෙඩෑන් එකට ඉස්සරහ තිබුණ රාජ්‍ය ප‍්‍රවෘත්ති සංස්ථාවේ හයි රූෆ් කේඩීඑච් එක ගිණි අරන් අඩි ගානක් උඩ විසිවෙන හැටි. බයික් දෙකතුනක් ඊටත් වඩා උඩ ගිහින් පාර දෙපැත්තෙ වැටුණෙ ගිණි ජාලාවක් මැදින්. පළාතම දුම් වලාවකින් වැසී ගියා. ඇක්වා කාර් එකේ බොනට් එක ඇඹීගෙන යද්දි කුඩුපට්ටම් වුණ වීදුරු වර්ෂාවක් මැද රියදුරාට සිහි නැති වුණා.

……………………………

ජනපතිවරයාට දැණුනේ සිය කන් අගුලු වැටී ඇති බවක්. ඔහුගේ හිසේ දැඩි වේදනාවක් සහ දෝංකාරයක් ඇති වූ අතර දෙකන් වල හෝ ගාන හඩඬක්ද කටෙහි අප්පිරියාවක්ද දැනෙන්නට වුණා. ඉන්පසු ඔහුට වැටහුණා ඒ පිළිස්සුණු වෙඩි බෙහෙත් වල රස බව. ඔහුට සිහිසුන් වීමට ආසන්න බවක් දැණුනා. ඔහුගේ රියදුරා ඒ වන විටත් සිහිසුන්වී සිටි අතර යමක් වැරදී ඇති බව වැටහෙන විට ඔහුගේ දෑස් නිලංකාර වන්නට ආසන්නයි. ඔහු අවට පරිසරය දෙස බලමින් සිදුව ඇත්තේ කුමක්දැයි වටහා ගන්නට උත්සාහ කරමින් සිටියා. එහෙත් බොදඳවී ගිය දසුන් අතරින් තම දෑස් පියවී යනු ඔහුට දැණුනා. අතිශයින් දරුණු බෝම්බ ප‍්‍රහාරයක් හමුවේ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ හැට අටවන විධායක ජනපතිවරයා සිය වෙඩි නොවදින සෙඩෑන් රථයේ පසුපස ආසනයේ සිහිසුන්ව ගියා.

පළමු කොටස පහතින්

Related posts

A new boxing gym in Monroeville gives women the opportunity to train

colombotoday

රාජ්‍ය අනුග්‍රහයෙන් වහබ් සමුළුවක් 30 වනදා නෙලුම්පොකුනේදී

colombotoday

ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයි

Admin

ජනපතිගේ ඉල්ලීමක් අගමැති මහින්ද ඉවත දමයි

colombotoday

යාලුවෙකුගේ පියාට පිහියෙන් ඇන්නා. බෝර්න් එගේන් වුනේ මැරෙන්න යද්දී. | වික්ටර්ට දෙවියන් පෙන්නූ ප්‍රධාන පූජක කියයි.

colombotoday

ගෝඨා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කෙරේ

colombotoday