Colombo Today Local NewsTop Stories

දේශබන්දුට එරෙහිව සාක්ෂි දුන් මාතර DIGට මරණ තර්ජන!

ධුරය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ විමර්ශනය කරන පරීක්ෂකයන්ට ප්‍රකාශයක් ලබා දීමෙන් පසු තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා මාතර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා විසින් පොලිස්පතිවරයාට, අපරාධවල වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියට සහ අපරාධවල වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ සහාය සහ ආරක්ෂණය වෙනුවෙන් ඇති පොලිසියේ අංශය වෙත ලිපි යවා තිබෙන බව වාර්තා වෙයි.

දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබා දුන් අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් විසින්ද නියෝජ්‍ය පොලිස්පතිවරයා මුහුණ දී ඇති බව කියන මරණ තර්ජන පිළිබඳ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝජ්‍ය පොලිස්පති සොයිසාට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස නියෝග කර තිබිණි.

2023 දෙසැම්බර් 31 වැනි දින එම පරිශ්‍රය අසල සිදු වූ වෙඩි තැබීමට පෙර W 15 හෝටලය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා තෙන්නකෝන් තමාව සම්බන්ධ කර ගත් බවට විමර්ශකයන්ට ප්‍රකාශයක් ලබා දීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පති සොයිසාට මරණ තර්ජන එල්ල වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ඇප ලබා දීමෙන් පසු අධිකරණ පරිශ්‍රයට වාහනයක් ගෙන ඒම සඳහා කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිබියදී එසේ වාහනයක් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද තෙන්නකෝන්ටදේශබන්දුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ වරදට චෝදනා ගොනු කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට නියෝග කර තිබේ.

පිටස්තර පුද්ගලයන්ගේ වාහන අධිකරණයට ඇතුළුවීම තහනම් කර තිබියදීත්, එම වාහනය අධිකරණ පරිශ්‍රයට ඇතුළුවීමට කිසිවකු සහාය වී ඇත්දැයි විමර්ශනය කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.

මේ අතර, දේශබන්දුට එරෙහි චෝදනා විමර්ශනය කරන විමර්ශන කමිටුවට සහාය වීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සිව් පුද්ගල පොලිස් කණ්ඩායමක් පත් කර තිබේ.

එම කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සහකාර පොලිස් අධිකාරී පී. රොහාන් විජයකෝන් විසිනි.

කොමිසමේ ප්‍රධානත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් දරනු ලබන අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිටුවේ සභාපති නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක සෙසු සාමාජිකයෝ වෙති.

කොමිසමට සහාය වීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා යන අය ද නම් කර ඇත.

සටහන – Chalana

Related posts

මැතිවරණයට යොදාගත් සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට

colombotoday

කොළඹ රාජකීය විදුහල්පතිටත් මුදල් අක්‍රමිකතා චෝදනා

colombotoday

සොල්දාදුවෙකු ලෙස රට වෙනුවෙන් සටන් කර ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ අපව තැබීමට ඔබ කළ මෙහෙවර විශිෂ්ටයි. | ජනපතිගෙන් සුභ පැතුම්

colombotoday

ඉන්ධන පිරවුම් හලක් අසල නාදුනන මළ සිරුරක්

colombotoday

මුලතිව් පුදුමාතල් ප්‍රදේශයේදී බෝම්බ පුපුරවන ඩෙට්කොඩ් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

මිනිසත්කම් ගිලිහුනු මිනිසුන් සිටින සමාජයට තවත් එක් හොද පාඩමක් පොලිස් නිළදරුවකුගෙන්

colombotoday