Colombo Today Local NewsTop Stories

පොලිසිය පිට පාරෙන් ගම් වදී! දෙවුන්දර පාතාලයට නිල නොවන මැර තර්ජන?

මේ උඹලා කන අන්තිම අවුරුද්ද?

මිනීමරුවෙක්, දූෂකයෙක් හෝ සමූලඝාතක අපරාධකරුවෙක් වේවා, මේ සැමට දඬුවම් ලබාදීමේ පිළිගත් නීතිමය ක්‍රමවේදයක් තිබේ. එම ක්‍රියාවලියෙන් පිට පනිමින් තවමත් උසාවිය ඉදිරියේ වරදකරුවෙකු නොවූ සැකකරුවෙකුට ආයුධ සමග නිවසට කඩාපැන මරණ තර්ජන එල්ල කිරීමේ නිදහසක් ශ්‍රී ලංකා පොලිසියට තිබේද? එසේනම් කීමට ඇත්තේ එකී ලෙයට ලෙය ඉල්ලන පාතාලයත්, නීතිය සුරැකීමට දිවුරා සිටින පොලිසියත් අතර කිසිදු වෙනසක් නොමැති බවයි.

එවන් සිදුවීමකට සම්බන්ධ වීඩියෝ දසුන් පෙළක් මේ වන විට මාධ්‍යයට නිකුත් වී තිබේ. ඒ රටම සලිත කළ දෙවිනුවර ද්විත්ව ඝාතනයට සම්බන්ධ බවට පැවසෙන ලක්ෂාන් ප්‍රියන්ත හෙවත් ගම්බට්ටා නැමැති සැකකරුගේ නිවසෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දකුණට පැමිණ මෙම ඝාතනය සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කරත්ම මෙම සැකකරු සහ කසුන් හෙවත් බිල්ඩර් නැමැති තවත් පුද්ගලයෙක් අපරාධයේ වගකීම භාරගෙන ගන්දර පොලිසියට භාර වී තිබූ අතර පසුව ඔවුන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්නකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතට භාර දී තිබිණි.

ඊයේ එනම් 15 වැනිදා මෙම ලක්ෂාන් නැමැත්තාගේ නිවසට ආයුධ සන්නද්ධව කඩා වදින ගන්දර පොලිසියේ නිලධාරීන් ඔහු පිළිබඳව විමසන ආකාරයත්, ඔහුගේ බිරිඳට බලපතල තර්ජනයක් එල්ල කරන ආකාරයත් එම නිවසේ සීසීටීවී කැමරා වල මෙලෙස සටහන්ව තිබිණි.

පාතාලය මැඩලීම හෝ අපරාධකරුවන්ට දඬුවම් දීම පිළිබඳ අපගේ කිසිදු විවේචනයක් නොමැති වුවත් එය සිදුවන්නේ මේ ආකාරයෙන් නම් ඒ පිළිබඳ අපගේ දැඩි අප්‍රසාදයද පළකිරීමට වගකිවයුතු මාධ්‍යයක් වශයෙන් අපි කිසිවිටෙකත් පසුබට නොවෙමු. වරදකරුවන් අල්ලාගැනීම, ප්‍රශ්නකිරීම සහ නිසි දඬුවම් ලබා දීම නිසි නීතිමය ක්‍රමවේදයට අනුව සිදු වියයුතු බව ඔබත් අපත් කවුරුත් දන්නා කරුණකි. එසේ නොවී පොලිසිය විසින් නීතිය අතට ගත් අවස්ථාවල් හේතුවෙන් ඉතිහාසයේ සිදු වූ ඛේදවාචකයන් අප කාහටත් අමතක නැත. එසේ හෙයින්, නීතිය සුරැකීමට සිටින නිලධාරීන් මෙලෙස අවිගත් මැරයින්ගේ වෙස් ගෙන මරණ තර්ජන එල්ල කිරීම සාධාරණීකරනය කළ හැකිද යන පැනය අඉ විමසා සිටිමු.

නැවතද අවධාරණය කරමි.

පාතාලය නැසිය යුතුමය. එහෙත් ඒ නීතියේ අවියෙන් පමණි. නැතහොත් අද පාතාලයට දිගු කෙරෙන මේ බලහත්කාරයේ තුවක්කුව හෙට ඔබටද මටද එල්ලවන්නට ඉඩ තිබේ.

සටහන – Chalana

Related posts

රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම: කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසක් අධිකරණයට කැදවයි

colombotoday

වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීමට අවසර

colombotoday

මංත්‍රීවරුන්ට වාහන දෙනවා

Admin

රන්ජන් නිදහස් කිරීමේ ලිපිය බන්ධනාගාරයට

colombotoday

දෙමාපියන් රවටා ගෙන ගිය14 හැවිරිදි දැරිය මුදලට විකිණූ ඥාති සොහොයුරියගේ වැඩ

colombotoday

සුරූපිනියක ලෙස පෙනී සිටි හතලිහේ තිදරු මව තරුණයෙකුගෙන් ලක්ෂ 8ක් ගරාගෙන

colombotoday