Colombo Today Local NewsTop Stories

අනතුරකට පසු හදිසි මරණයක්! ඥාතීන් රෝහලක් කුඩු කරයි

ඊයේ (16) රිය අනතුරකින් පුද්ගලයෙකු මියයෑම හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ප්‍රාදේශීය පුවත් වාර්තා කරන ආකාරයට බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් තවත් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට ගෙන එන ලද අවස්ථාවේ එක් යතුරුපැදිකරුවෙකු මූලික සත්කාර ඒකකයට ඇතුළත් කිරීමේදී මියගොස් සිටියා.

මේ අවස්ථාවේ නොසන්සුන්කාරී වූ මියගිය පුද්ගලයාගේ ඥාතීන් රෝහල් කාර්ය මණ්ඩලයට පහර දී මළසිරුර ලොරි රථයක පටවාගෙන පානදුර රෝහලට පිටත්ව ගොස් තිබෙනවා.

නොසන්සුන්කාරී වූ පිරිස විසින් රෝහලේ වීදුරු දොරවල් කඩාදමා අනෙකුත් දේපළවලටද හානි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට පත් අනෙක් යතුරුපැදිකරු ද බරපතල තුවාල ලබා දැනට බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කොට සිටිනවා.

සටහන – මන්දාකිණි

Related posts

අද එල්.පී.එල් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නිකන් බලන්න අවස්ථාව

Admin

ආර්ථික මධ්‍යස්ථාන රැසක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහතට

Admin

රන්ජන්ගේ සිරකුටිය තහනම් කලාපයක් කරයි !

colombotoday

ගායක රජීව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන නියෝග

colombotoday

පසුගියදා කැබිනෙට්ටුවෙ තිබුණ නාට්‍ය මරේ මරු

colombotoday

උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කරන්නන් සොයා වැටලීම්

Admin