BusinessColombo Today Local NewsTop Stories

ඇමරිකන් බඩු වලට ගහන බදු කපන සැලසුමක්?

මෙරට ආර්ථිකයට දැවැන්ත බලපෑමක් සිදුවන්නට නියමිත ඇමරිකානු ජනාධිපතිවරයාගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තියෙන් සහනයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රම සහ විධි ගවේෂණය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව වාර්තා වේ.

මෙහි එක් පියවරක් වශයෙන් ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ වෙනුවෙන් අයකෙරෙන තීරුබදු (Para Tarrifs) ඉවත් කිරීම කෙරෙහි සළකා බලමින් සිටින බව “ඩේලි මිරර්” අද (17) වාර්තා කොට තිබිණි.

එසේම, දෙරට අතර වෙළෙඳ පරතරය අඩුකිරීම සඳහා, එක්සත් ජනපද සමාගම්වලින් ඉන්ධන ආනයනය කිරීමේ හැකියාවද රජය ගවේෂණය කරමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව වාර්ෂිකව එක්සත් ජනපදයට වඩා ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් වටිනා භාණ්ඩ අපනයනය කරන අතර එම රටෙන් ආනයනය කරන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 300 කට වඩා වැඩිය.

සටහන – මන්දාකිණි

Related posts

කුරුණෑගල නගරාධිපති සමග කේක් කැපූ පිරිස නිරෝධායනයට

colombotoday

ආහාර සිරවූ සිඟිත්තියක් මව රෝගී වීමෙන් මිය යයි

Admin

කිරි තේ එකක මිල පහළට

Admin

පිල් මාරුව සූදානම්

colombotoday

බදු ගැටලු කඩිනමින් විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට රජයේ අවධානය

Admin

නැවතත් කොටි ඉල්ලන විජයකලාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday