Colombo Today Local NewsTop Stories

වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ ධාතු වන්දනා ප්‍රදර්ශනයක්

හොරණ බක්කුල මහා සෑ විහාරාධිපති ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත වෙසක් කලාපය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින පවත්වන ලදී.

එහිදී උන්වහන්සේ විසින් අනුදැන වදාල පරිදි වෙසක් පොහොය නිමිත්තෙන් හොරණ දික්හේනපුර බක්කුල මහා සෑ භූමි පරිශ්‍රයේදී වෙසක් කලාපයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, අසිරිමත් බක්කුල මහරහතුන් වහන්සේගේ ධාතු වන්දනා ප්‍රදර්ශනය එළඹෙන මැයි මස 12 දින සිට 18 දින දක්වා ඊට සමගාමීව පැවැත්වේ.

තායිලන්තයේ සඟරාජ මාහිමිපාණන් වෙතින් ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා, බුරුම රටින් ලැබුණු උත්තම ධාතූන් වහන්සේලා, ඉන්දියාවේ බරණැස ඇතුළු බෞද්ධ ස්ථානවලින් ලබා දුන් නිදන් වස්තු සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයය සහ අස්ගිරි මහා විහාරය ඇතුළු බෞද්ධ විහාරස්ථාන වලින් ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම මෙහිදී සිදු කෙරේ.

එසේම වෙසක් කලාපය තුළ වෙසක් තොරන, වෙසක් නිර්මාණ, වෙසක් පහන් කූඩු විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීමට සහ භක්ති ගී සංදර්ශනයක් පැවැත්වීමටද නියමිත වේ.

අදාළ වෙසක් සතිය තුළදී එම වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන සියලු බැතිමතුන් වෙනුවෙන් දන්සැල් සංවිධානය කිරීමටද කටයුතු කර ඇත.

මෙම සද්කාර්යයට සහභාගි වන ලෙස හොරණ බක්කුල මහා සෑ විහාරාධිපති ගලිගමුවේ ඥානදීප හිමියන් සියළුම සැදැහැවත් බෞද්ධ බැතිමතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Related posts

පරාක්‍රමබාහු රජුට එරෙහිව හම්බන්තොට සුගලා කැරළි ගැහුවා.. අද වෙන්නෙත් ඒකමයි – අගමැති

colombotoday

Abby and Brittany විවාහ දිවියට

Admin

කන්කසන්තුරයේදී පොලිස් නිලදාරියෙකුට පහරදෙයි දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

සුව සේවා විරුවන්ට උපහාර පිණිස නොමිලේ නිවාඩු පැකේජ 1000ක්

colombotoday

ඇල්ලේ ගුණවංශ හිමි වරාය වෘත්තීය සමිති සමග ආණ්ඩුවට එරෙහි විරෝධතාවට එක්වේ.. විරෝධතාකරුවනට කළු පටි බදිති

colombotoday

ඥාණසාර හිමි ඌව වෙල්ලස්සේ.. සදහම් චාරිකාවේ (Photo)

colombotoday