World

ඊලොන් මස්ක් අභිබවමින් බර්නාඩ් ආර්නෝල්ට් ලොව පළමු තැනට

ට්විටර් සහ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් Forbes සඟරාවේ “Real-Time Billionaires” ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ප්‍රංශ සුඛෝපභෝගි සන්නාමයක් වන LVMHහි ප්‍රධාන විධායක නිලධාරී බර්නාඩ් ආර්නෝල්ට් පළමු ස්ථානයට පැමිණ ඇති බව ය.

ෆෝබ්ස් සඟරාවට අනුව මස්ක්ගේ ධනය ඩොලර් බිලියන 183.6 ක් ලෙස සටහන් කර ඇත.

එමෙන් ම, ආර්නෝල්ට්ගේ ධනය ඩොලර් බිලියන 186.2 ලෙස සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2021 වසරේ නොවැම්බර් මාසයේ මස්ක් සතු වත්කම්වල වටිනාකම ඩොලර් බිලයන 320ක් වන අතර ඔහු අමෙරිකානු ඩොලර් බිලියන 44කට ට්විටිටර් සමාගම ද මිල දී ගත්තේ ය.

මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානය ඩොලර් බිලියන 135ක වත්කමක් හිම ඉන්දියානු බිලියනිපතියෙකු වන ගෞතම් අදානි පත්ව තිබේ.

Related posts

බොරතෙල් බැරලය ඩොලර් 122 සීමාව ඉක්මවයි. ඉන්ධන මිල යළිත් ඉහළ යන ලකුණු

colombotoday

කොරෝනාවට එරෙහි ලොව පළමු එන්නත රුසියාවෙන් නිපදවයි

colombotoday

ලෝක බලවතාගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්

colombotoday

හෙෆසාත්-ඊ-ඉස්ලාම් බංග්ලාදේශයේ හින්දු ගම්මානයට පහර දී කොල්ල කති.

colombotoday

චීනයේ මිලිටරි තර්ජන ගැන නේටෝ සංවිධානයෙන් අනතුරු අගවයි

colombotoday

ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි

Admin