Top StoriesWorld

චීනයෙන් “හැන්ටා” නැමති තවත් වෛරසයක්. පළමු මරණය අද වාර්තා වේ.

ලොව පුරා ජීවිත 17,000 කට වැඩි ප්‍රමාණයක් දැනට බිලිගෙන ඇති මාරාන්තික COVID-19 වසංගතයට එරෙහිව ලෝකයම දරුණු සටනක නිරතවෙන මොහොතක අද (24) චීනයේ හැන්ටා නැමති වෛරසයක් හේතුවෙන් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා.

බස් රථයක ගමන් කරමින් සිටියදී ඔහුගේ මෙම මරණ සිදුවී ඇති අතර මේ හේතුවෙන් බස් රථයේ සිටි අනෙකුත් පුද්ගලයින් තිස්දෙදෙනා ද පරීක්ෂා කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වයිරසය සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වේ.

ඒ අනුව මීයන්ගෙන් මෙම වයිරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර මිනිසුන්ගෙන් මිනිසුන්ට මෙහි පැතිරයාමක් සිදු නොවේ.

හිසේ කැක්කුම, මස්පිඬු වේදනාව, උදරය ආශ්‍රිත ආබාධ, කැරකැවිල්ල, වමනය යාම සහ උණ මෙහි රෝග ලක්ෂණ වෙයි.

හන්ටා වයිරසය ආසාදනය වීම සාමාන්‍යයෙන් සිදුවන්නේ වනාන්තර, කුඹුරු සහ ගොවිපළ වැනි ගම්බද ප්‍රදේශ ආශ්‍රිතවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මෙම වෛරසය ආසාදනය වීමෙන් 2013 සහ 2018 වසර අතර කාලයේ ආජන්ටිනාවේ පුද්ගලයින් 114 දෙනෙකු මරණයට පත්වී ඇත.

2016 වසරේදී ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයේ 12 හැවිරිදි දරුවෙකු ද මෙම වෛරසය ආසාදනයෙන් මරණයට පත් වී තිබේ.

වයිසරය ආසාදනයෙන් සිදුවන මරණ අනුපාතය 18.6% ක් වන අතර එය ඇතැම් ප්‍රදේශවලදී 40 %ට ආසන්න වන තත්ත්වයක් ද දක්නට ලැබේ.

Related posts

සෞඛ්‍ය සේවා අඩපණ වීමෙන් හා ආහාර හිඟයෙන් සුඩාන වැසියන් අසල්වැසි රාජ්‍යයවලට පළා යයි

Admin

නැංගුරම් දමා තිබූ නැවක පිපිරීමක් (වීඩියෝ)

colombotoday

ජෝ බයිඩන් ජනපති පුටුවට

colombotoday

ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන ලක්ෂ 89 ඉක්මවයි

colombotoday

ඇමරිකාවේ මීළග තහනම පාකිස්ථානයට.. තවත් රටවල් ගණනාවක් පෝලිමේ !

colombotoday

G7 රාජ්‍ය නායක සමුළුව හිරෝෂිමාවේදී ඇරඹෙයි..

Admin