ඊයේ(24) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5% කින් ඉහළ දැමුණි.
අවම බස් ගාස්තුව රුපියල් 32 ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මෙරෙන්ඩා මහතා පවසයි.
මේ අතර පළමු මීටරය සඳහා වන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් පමණ වැඩි කිරීමට වෘත්තීය ත්‍රිරෝද රථ සේවක සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා නව ගාස්තුව රුපියල් 100 කි.