Colombo Today Local News

156 වන ශ්‍රී ලංකා පොලිස් සංවත්සරයට ජාතියේ උත්තමාචරය..! – ප්‍රධාන සැමරුම් උත්සවය අද ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

156 වැනි පොලිස් දිනය අදට (03) යෙදී තිබේ.

එහි ප්‍රධාන සැමරුම් උත්සවය අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක පොලිස් සේවාවක් බිහි කිරීමේ ගෞරවය හිමිවන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයින්ටයි.

පොලිස් කොමසාරිස්වරයෙකු පත් කොට පොලිස් සේවාව මෙරට ආරම්භ කර ඇත්තේ 1797 වසරේ කොළඹ කොටුවෙන් ය.

1806 අංක 6 දරන රෙගුලාසි යටතේ, බ්‍රිතාන්‍යන්, පොලිස් විධානේ තනතුරු පිහිටුවා පරිපාලනය ගම් කරා ගෙන ගියේ ය.

1865 අංක 16 දරන පොලිස් ආඥා පනත හරහා, 1866 සැප්තැම්බර් 03 වැනි දින පිහිටවූ පොලිස් සේවාව, වසර 156 ක් මහජනයා වෙනුවෙන් කළ සේවාව අතිමහත් ය.

ශ්‍රීමත් ජෝර්ජ් විලියම් රොබට් කැම්බල් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම පොලිස්පතිවරයායි.

ශ්‍රී ලංකාවේ සිදුවූ සෑම, සමාජයීය, ආර්ථික, දේශපාලන මෙන්ම සංස්කෘතික සිදුවීම්වලදී ශ්‍රී ලංකා පොලිසියේ දායකත්වය නොඅඩුව ලැබී තිබේ.

මෙරට ජනතාවගේ සාමය සුරක්ෂිත කර ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට පොලීසිය දිවි හිමියෙන් කටයුතු කළ බව නොරහසකි.

අද දක්වා පොලිස් නිලධාරීන් රාජකාරියේදී දිවි පුදා ඇත්තේ එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහායි.

එදා මෙන්ම අදත් ශ්‍රී ලංකා පොලීසිය, සැමදා දිදුලන පහණ්ටැඹක් සේ, මෙරට ජනතාව උදෙසා නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට කැපව සිටී.

අද 156 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකා පොලිසියට ජාතියේ උත්තමාචරය..

මේ අතර, පොලිසියේ සංවත්සරයට ගෞරවයක් ලෙස අද සිට ලබන 10 වැනිදා දක්වා මහජන සම්බන්ධතා, සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර තිබේ.

Related posts

දුමින්ද දිසානායක අලුත් ආණ්ඩුවට එකතු වෙයි… නව අමාත්‍ය ධුරයක දිවුරුම් දෙයි…

colombotoday

ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු කතා බිදවැටෙයි.. මෛත්‍රී-රනිල් දිගටම දීග කයි…

colombotoday

සිසේරියන් සැත්කම්වලින් පසු – තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා !

colombotoday

අද සිට ලැබෙන බදු සහන මෙන්න

colombotoday

මුස්ලිම් කඩවලට ප්‍රහාර : සංවිධානාත්මක වැඩක් නොවන බව තහවුරු වෙයි..!

colombotoday

නොතෙමී යන්න, යහපාලන ‘පංචවිධ කාර්’ එක ඉන්දියාවෙන් එයි.. බජාජ් Qute ළගදීම වෙළදපොලට

colombotoday