Colombo Today Local News

මිලියන 500ක අත්‍යවශ්‍ය ඖෂධ රැගත් යානයක් චීනෙන් අද එයි

අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් රැගත් ගුවන් යානයක් අද (23)දින චීනයේ සිට මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ඖෂධ ප්‍රදාන පිළිබඳ සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්ද්‍රානි මහතා සඳහන් කළේ, මාස 06 කට ප්‍රමාණවත් ජලභීතිකා එන්නත් තොගයක් ද එම ඖෂධ තොගයට ඇතුළත් බවයි.

වකුගඩු රෝගීන්ට සහ පිළිකා රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ඹෟෂධ තොගයක් ද එම ගුවන් යානයෙන් මෙරටට රැගෙන එනු ලබයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම ඖෂධ තොගය මෙරටට ලබා දී ඇති බව වෛද්‍ය අන්වර් හම්ද්‍රානි මහතා සඳහන් කරයි.

එහි වටිනාකම රුපියල් මිලියන 500 කට ආසන්නයි.

Related posts

තිත් මුවා මැරූ දඩයක්කරුගේ දඩුවම

colombotoday

කොම්පඤ්ඤවීදියේ විරෝධාතාවක් පැවැත් වු පිරිසක් අත්අඩංගුවට

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු නැවතත් ඉහළ දමයි

Admin

සැප්තැම්බර් උද්ධමනයේ වෙනසක්

Admin

මධූෂ්ගේ බිරිඳ රහසේම ලංකාවට ඇවිත් – CID අත්අඩංගුවට

colombotoday

“අවිගබඩාව පිපිරුවේ මහින්දගේ, ගෝඨාගේ වරදින්.. ඔවුන් වගකීම බාරගත යුතුයි” – ඇමති අකිල කියයි

colombotoday