Colombo Today Local News

කොවිඩ් එන්නත ගන්න උනන්දුව මදි – විශාල එන්නත් තොගයක් විනාශ කිරීමට සිදුවෙයි

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට කොතරම් දැනුවත් කළත් එය ලබා ගැනීමට ජනතාව ඉදිරිපත් නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එන්නත් ලබාදීම සඳහා දිවයින පුරා සෙනසුරාදා දින 4කදී විශේෂ එන්නත් මධ්‍යස්ථාන පිහිටවූ නමුත් පසුගිය සෙනසුරාදා (17 වැනිදා) ආරම්භ කළ එන්නත් මධ්‍යස්ථාන වෙතින් එන්නත ලබාගෙන ඇත්තේ පාසල් සිසුන් සියයට විස්සකටත් අඩු පිරිසක් බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

එන්නත් ලබාගැනීම සඳහා පැමිණෙන වැඩිහිටියන් සියලුදෙනාම පාහේ විදේශ ගත වන්නන් වීමද විශේෂත්වයක් බවත් එසේ පැමිණෙන්නේ ද යුරෝපා රටවල් වෙත යන අය බවත් ඔහු පෙන්වා දෙයි.

මැදපෙරදිග රටවල් වෙත යන පුද්ගලයන්ට සයිනෝෆාම් එන්නත් දෙකක් ලබා ගැනීම ප්‍රමාණවත් වන බැවින් එම රටවල් වෙත යන පිරිස් වර්ධක මාත්‍රා ලබා ගැනීමට නොඑන බවද හෙතෙම පවසයි. එම නිසා විශාල එන්නත් තොගයක් විනාශ කිරීමට සිදුවනු ඇති බව ද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

වඳ දොස්තර සාෆිගේ ගිණුමට මුදල් ආව හැටි මෙන්න

colombotoday

විග්නේෂ්වරන් – සම්බන්ධන්, ආණ්ඩුකාරයාගේ තටු කපා විධායක බලතල පළාත්සභාවට ඉල්ලයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට වැසි.

colombotoday

තොරතුරු තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ආයතනයක් ලංකාවට

colombotoday

මසකට රුපියල් 3850කින් ජීවත් වූ මවක් දිවි නසාගෙන?

Admin

ඇමති සාගල රත්නායක ඉවත් වීම අගමැතිට දන්වයි

colombotoday