Uncategorized

එන්නත් ලබානොගත් අය සොයා පොලිස් මෙහෙයුමක් | හසුවන්නන් සුගතදාස ක්‍රීඩාංගණයට රැගෙන එයි

කොළඹ නගරය තුළ සිටින කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබානොගත් වුරුදු 30ට වැඩි පුද්ගලයින් සොයා ශ්‍රී ලංකා ප්‍රජා පොලිස් කමිටු මඟින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද (07) දිනයේ සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට එවැනි පිරිස් රැගෙන විත් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

මෙම මෙහෙයුමට සෞඛ්‍ය බලධාරීන් හා කොළඹ මහනගර සභාවේ නිලධාරීන් ද සහයෝගය දක්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ වන විට 5,000කට ආසන්න පිරිසක් ප්‍රජා පොලිස් කමිටුවල මැදිහත් වීමෙන් එන්නත්කරණය සඳහා සුගතදාස ක්‍රීඩාංගණයට රැගෙන විත් තිබේ.

Related posts

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

පාසල් සිසුන් ඇතුලත් කිරීම පිලිබද නිවේදනයක්

Admin

ඉන්ධන නිකුත් කිරීම ගැන බලශක්ති ඇමතිගෙන් පණිවුඩයක්

colombotoday

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday

ගුරු – විදුහල්පති ගැටලුවට අද සයිබර් විරෝධතාවක් – ඇමති අනු කමිටුවේ හමුව අවලංගුයි

colombotoday

බදු ප්‍රතිශත ඩබල් වෙයි.. වෑන් ලක්ෂ 25කින්, හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩි වෙයි

colombotoday