Colombo Today Local News

විභාගය අවසන්වී යකා නැටුවොත් දැඩි දඩුවම්

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීමෙන් පසුව සිසුන්ට සාමකාමීව විසිර යන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙයි.

එළඹෙන 10 වන දින සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීමට නියමිතය.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ විභාගය අවසන්වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවලදී හෝ එම පරිශ්‍ර තුළදී කළහකාරී ලෙස හැසිරුණහොත් හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් හෝ පොදු දේපළවලට අලාභහානි සිදු කළහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බවය.

ඒ අනුව විභාග ප්‍රතිඵල අවලංගු කිරීමට ද කටයුතු කළ හැකි බව ඉන් අවධාරණය කරයි.

Related posts

අඹු සැමි හුවමාරු කිරීමේ සංගමයක්. බුකියේ සිදුකල ජඩ වැඩේ පත්තු වෙයි. ඇඩ්මින් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු 21කගේ අත්සනින් භික්ෂූන්වහන්සේ සහ සංවිධානවලට එරෙහිව ජනපතිට ලිපියක්

colombotoday

මීළග පාද යාත්‍රාව මාතරින් කොළඹට !

colombotoday

වේදිනිගම විමලතිස්ස හිමි පැහැරගම.- රතන හිමිගෙන් පොලීසියට යලිත් පොල්ලක්.

colombotoday

ඉවසලා ඉවසලා බැරිම තැන මඩකලපුව මංගලාරාමාධිපති හිමියෝ නැවතත් හඩ අවදි කරයි !

colombotoday

කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම මේ සතියේ අවසන්

Admin