Colombo Today Local News

සෞඛ්‍ය ඇමතිනියගේ නම විකුණා මුදල් ගැරූ පැල්මඩුල්ලේ ‘සිරිමා’ රිමාන්ඞ්

සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ ඥාතිවරියක බව පවසා රජයේ රෝහල්වල සෞඛ්‍ය සේවා සහයක රැකියා ලබා දෙන බවට පොරොන්දුවී මහජනතාව රවටා මුදල් ලබාගත් බව කියන කාන්තාවක වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 18 වෙනි දින දක්වා රිමාන්ඞ් කරන ලෙස පොළොන්නරුව මහෙස්ත‍්‍රාත් දේවිකා චතුරංගනී ජයවර්ධන මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඞ් භාරයට පත්වූයේ පැල්මඩුල්ල, බොම්මල්ගොඩ, උඩතල මැද පාර ලිපිනයේ පදිංචි එස්. සිරිමා මානෙල් නමැති කාන්තාවකි. මෙම කාන්තාව වැලිකන්ද ප‍්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිට රජයේ රැකියා ලබාදෙන බවට විවිධ පුද්ගලයන් රවටා මුදල් ලබා ගැනීමේ ජාවාරමක් සිදු කරන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන සිදුකර ඇය සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකසන ලද රැකියා අයැදුම්පත් තොගයක්, බැංකු කාඞ්පත් කිහිපයක් ආදිය සමග එම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.

වැලිකන්ද, වාලච්චේන, මඩකළපුව ආදී ප‍්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් මෙසේ මුදල් ලබාගෙන ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ. එසේ ලබාගත් මුදල් බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බව සැකකාරිය පොලිසියට ප‍්‍රකාශකර තිබුණි.

Related posts

අයවැය ජනවාරි මුල් සතියේ

colombotoday

නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්

colombotoday

ආණ්ඩුව වැට් පනත අකුලා ගනී.. නියමිත ක්‍රමවේදයට අලුත් පනතක් ගෙනෙයි !

colombotoday

කොකෝ බල්ලා මත් රකුසාගෙන් මුදා ගනී

Admin

(VIDEO) “සෝභිත හිමි ඝාතනය නොවූ බවට ඇතැම් අය තීන්දුවත් දීල ඉවරයි.. මේ ගැනත් ඇතිවන්නේ සැකයක්” – උඩුවේ හිමි

colombotoday

සම්මුතිය අවසන්.. ශ්‍රීලනිප ඇමතිවරු 18ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරයි !

colombotoday