Colombo Today Local News

නිමල් සිරිපාලට එල්ල කල අල්ලස් ඉල්ලීමේ චෝදනාව ගැන වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපතිගෙන් නියෝගයක්

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ගුවන් සේවා අමාත්‍යංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (ජූලි 5)දින පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව පිළිබඳව වහා ම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව ය.

ඒ අනුව, පරීක්ෂණ කටයුතු නිම වන තෙක් අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර පරීක්ෂණය පවත්වාගෙන යාමට ඉඩ සලසා දීම සඳහා තමන් අමාත්‍ය ධූරයෙන් වහාම ඉවත් වන බව නිවේදනයක් නිකුත් කරමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා දැනුම් දී තිබේ.

Related posts

කොටි සංවිධානයත්, එහි නායකයාත් විනාශ කළේ දෙමළ සන්ධානයේ නායකයන් !!

colombotoday

කොවිඩ් නව ප්‍රභේදය හමුවීමත් සමගම රට අගුළු දමයිද?

colombotoday

මහ ලේකම්ගේ වැඩ නිසා දකුණේ අයට ලැජ්ජාවක් !

colombotoday

විග්නේෂ්වරන් අසරණ වෙයි… උදව් ඉල්ලා ජනපතිට ලියයි

colombotoday

සජිත් ලක්ෂ 70 පැන්නා

Admin

ඉන්දියාවෙන් දෙන නිවාස 661ක ඉදිකිරීම් අවසන්

Admin