Colombo Today Local News

ගිලන් රථයක් ත්‍රිරෝද රථ තුනක් හප්පා තුන්දෙනකු යට කරයි

බීමත්ව ගිලන් රථයක් ධාවනය කරමින් ත්‍රිරෝද රථ තුනක් අනතුරට පත් කරමින් පුද්ගලයන් තිදෙනකුට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා හයකට වරද පිළිගත් රජයේ රෝහලක ගිලන් රථ රියැදුරකු හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීම නිසා ඇප මත මුදා හැරීමටත් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

බගවන්තලාව රජයේ රෝහලට අයත් ගිලන් රථය නාවලපිටිය සිට බලවන්තලාව දක්වා ධාවනය කරමින් සිටිය දී හැටන් – දික්ඔය මාර්ගයේ දී ත්‍රිරෝද රථ තුනක් අනතුරට පත් කර පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා දික්ඔය රජයේ මූලික රෝහල් ගත කර තිබේ.

එම අවස්ථාවේ ගිලන් රථයේ රියැදුරු බීමත්ව සිටිය බව ජනතාව පවසා ඇති අතර වෛද්‍ය පරීක්ෂණවලින්ද එය තහවුරු වූ බව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

Related posts

නොවැම්බර් ටෝකන් ඉවරයි හදිසි නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා

Admin

මහ සගරුවණ, මහා ජන ගගක් මැද සිව් හෙළේ මහ සමුළුව ඇරඹෙයි (සජීවි විකාශය)

colombotoday

අලුත් පක්ෂයට පෙර සූදානමක්… ජනහමු 22ක් සමග සජිත් රට වටේ !

colombotoday

දුම්රිය මැදිරි දේශීයව නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

colombotoday

ජනපති යළි එයි… හදිසි නීතිය අවසන්… ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

රජයේ දේශපාලකයෙක් සුරේන්ගේ ගෙදර පාටියක. ලන්ඩන් ශ්‍රී ලාංකිකයෝ තැති ගනී.

colombotoday