Colombo Today Local News

මංගල සමරවීර නිසා රජයට විශාල අපකීර්තියක්.. සංස්කෘතියටත් ගැළපෙන්නෑ – දයාසිරි ජයසේකර

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත්කරමින් මත්පැන් විකිණීමට අදාළව තිබූ ඇතැම් නීති ලිහිල් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ චක්‍ර‍ලේඛය අවලංගු කරනු ලැබුවේ එය ශ්‍රී ලංකාවේ කාන්තා සමාජට සහ සංස්කෘතියට නොගැළපෙන නිසා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පෙරේදා (17) පැවැසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පැවැසීය.

මුදල් අමාත්‍යවරයාගේ මෙම චක්‍ර‍ලේඛය නිසා රජයට විශාල අපකීර්තියක් සිදුවූ බවද හෙතෙම කීවේය. කැබිනට් මණ්ඩලය දැනුවත් නොකර මෙම තීරණය ගෙන තිබූ බවත් ගම්වල සිටින බොහෝ කාන්තාවන්ද මෙම තීරණය නිසා අපහසුතාවට පත්වූ බවත් හෙතෙම කීවේය.

 

 

Related posts

ගංජා කිලෝ 49ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

අලුත් පක්‌ෂයට ආණ්‌ඩුවෙන් මැති ඇමැතිවරු පිරිසක්‌!

colombotoday

නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අල්ලයි

Admin

ජනාධිපති මාධ්‍ය අංශයෙන් භික්ෂුන් වහන්සේලාට එරෙහිව “මඩ” ව්‍යාපාරයක්

colombotoday

“නීති ක්ෂේත්‍රය තවමත් දූෂිතයි” – ෆොන්සේකා

colombotoday

ආයෝජන කළමනාකරණ කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday