Colombo Today Local News

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන්න සැරසෙන ලංකාවේ කෙනෙක්

888fb3908e007ad088061643c48bcf0f_L

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සෙනෙට් අසුනක් සඳහා තරඟ කිරීමට එරට කම්කරු පක්ෂයෙන් පළමු වරට ශ්‍රී ලාංකිකයෙකුට නාමයෝජනා හිමිව තිබේ.

ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ නව දකුණු වේල්ස ශාඛාව(NSW)වෙනුවෙන් එරට වෙසෙන ජගත් බණ්ඩාරට මෙලෙස නාමයෝජනා හිමිව ඇති බව සඳහන්ය.

මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ජගත් බණ්ඩාර මහතා පවසා ඇත්තේ තමන් ඕස්ට්‍රේලියාවට පැමිණි දින සිට වැඩ කළ සෑම ක්ෂේත්‍රයකම ඉතාම උනන්දුවෙන් හා වෙහෙස මහන්සිවී සේවය කළ බව හා සාමූහිකව සහයෝගයෙන් කටයුතු කළ බවයි.

එසේම එරට අඩු ආදායම්ලාභී කම්කරු ජනයාගේ වෘත්තීමය ගෞරවය ආරක්ෂා කරනු පිණිස තමන් ඔවුන් වෙනුවෙන් හඬ නැඟූ බවත්,ඔවුන්ගේ ඉල්ලීම අනුව තමන් මෙම මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වූ බවත් හෙතෙම සඳහන් කරයි.

ඕස්ට්‍රේලියාව රටක් ලෙස එරට වෙසෙන විවධ ජනවර්ගයන්ට සමාන ඉඩප්‍රස්ථා ලබාදෙන බවත්,සාර්ථකත්වය අත්පත්කර ගැනීමට සමාජ ආර්ථික තත්ත්වයන් නිසි ලෙස ලබාදෙනු තමන් අත්දුටු බවත් ජගත් බණ්ඩාර මහතා පවසයි.

එළඹෙන මැතිවරණයේදී එරට වෙසෙන ලාංකේය ප්‍රජාව සැලකිලිමත්ම ඡන්දය භාවිතා කළ යුතු බවත්,ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකීය ප්‍රජාව එරට වෙසෙන හොඳම ප්‍රජාව ලෙස නම රැන්දිය යුතුව ඇති බවත්,කම්කරු පක්ෂයේ ප්‍රතිපත්ති හා පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් කටයුතු කරන බවට තමන් පොරොන්දු වන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

මැතිවරණය එළඹෙන ජූලි මස 02 දා පැවැත්වීමට නියමිතය.

(අද දෙරණ)

Related posts

වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.. මිල පාලනය කළ භාණ්ඩ මෙන්න

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවට ජනපතිගේ ප්‍රශංසාව

colombotoday

නවගමුවේ කප්පම් කල්ලියක් කොටු

colombotoday

ඉන්දියාවෙන් දෙන නිවාස 661ක ඉදිකිරීම් අවසන්

Admin

දෙමුහුන් අධිකරණ ඉල්ලන ගොන් තකතීරු වැඩ කරන්න එපා – ඩිලාන් පෙරේරා සුමන්තිරන්ට කියයි

colombotoday