Colombo Today Local News

පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකර ගසා කෑමේ මහා පරිමාණ ජාවාරමක් ගැන අනාවරණයක්

කොවිඩ් ව්‍යාප්තියට මුවාවී යළිත් ධාරිතාවටත් වඩා පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකර ගසා කෑමේ මහා පරිමාණ ජාවාරමක් සෞඛ්‍ය අංශවල කිසියම් පිරිසක් සංවිධානාත්මකව ආරම්භ කර ඇතැයි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කමිටුවේදී අනාවරණය වී ඇත.

පෞද්ගලික රෝහල් සඳහා දෛනිකව අවසර ලබාදී ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණයද දෙගුණයකින් වැඩිකිරීමමට අදාළ කණ්ඩායම් ඉඩ සලසා දී ඇතැයි හෙළිවී තිබේ.

ගතවූ දින පහ ඇතුළත පරීක්ෂණාගාරවල ධාරිතාව ඉක්මවමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකා පී.සී.ආර්. පරීක්ෂණ මාෆියාව ක්‍රියාත්මක වී ඇතැයි අනාවරණය වීමත් සමග කොවිඩ් මර්දන කමිටුවේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (5 වැනිදා) සිට අදාළ රෝහල්වල කටයුතු නිරීක්ෂණය කරන්නැයි නියෝග ලබා දී තිබේ.

පෙරේදා (4 වැනිදා) දිනයට පමණක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට දුන් නියෝග පවා නොතකා රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ 37,000ක් කර ඇතැයි අනාවරණය වී ඇත.

පරීක්ෂණාගාරවල ධාරිතාව ඉක්මවා පරීක්ෂණ කිරීම නිසා දිනකට පරීක්ෂණ කට්ටල පන්දහසත් දස දහසත් අතර ප්‍රමාණයක් වාර්තා ලබා දීමට නොහැකිව ගොඩගැසෙන බව කොවිඩ් කමිටුව අනාවරණය කරගෙන තිබේ.

එක්තරා ප්‍රධාන පෞද්ගලික රෝහලක් දිනකට 1200ක් පරීක්ෂණ කිරීමට දුන් සීමාව ඉක්මවමින් දවසට 3000 බැගින් දින පහක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණ පහළොස් දහසක් කර ඇතැයි ද හෙළි වී තිබේ.

රුපියල් හයදහස් පන්සියයක් එක් පරීක්ෂණයක් සඳහා වැයවන බවත් අවශ්‍ය ලෙස ධාරිතාව වැඩිවන පමණින් මහජන මුදල් පිටරට සමාගම් වෙත හා ජාවාරම පසුපස සිටින කණ්ඩායම්වලට බෙදී යන බවත් ඒ අනුව අනාවරණය වී තිබේ.

රටම වසා දමා පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කරන්නැයි ජනතාව අතර මතයක් ඇති කරන්නට උත්සාහ ගන්නේත් පී.සී.ආර්. මාෆියාව පසුපස සිටින කණ්ඩායම් බව කොවිඩ් කමිටුව පෙන්වා දෙයි.

Related posts

අධිකරණය ගැන ලොකු කතා කී නීතීඥ සුගන්ධිකා අධිකරණයට නුසුදුසු ඇදුමක් ඇදන් ගිහින්.. විනිසුරුගෙන් දැඩි අවවාද.. නඩුවලට පෙනී නොසිටම ආපසු ගිහින්

colombotoday

මගේ කීර්තිනාමය නැතිකරන්න හදනවා.. බැඳුම්කරේ “ඇත්ත නැත්ත” ලියූ ඇමති සුජීව පොලීසි යයි !

colombotoday

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටෙයි

colombotoday

හජ් වන්දනාවේ යන බැතිමතුන්ට මොලේ උණ එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේ !

colombotoday

රජයේ පාලන මිල අවලංගුයි ! දේශීය හාල් කිලෝවක මිල රු 120ත් පනී

colombotoday

අද සිට තහනම් වන ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාද වර්ග 6 මෙන්න

colombotoday