Colombo Today Local News

ඇමති ජෝන් පල්ලියක් හදන්න ගල්ගමුවේ වැව් රක්ෂිතයකට විදියි

jhone_1

ඇවිදින මංතීරු කැඩූ බවට චෝදනා ලද සහ රටේ දැවෙන ප්‍රශ්න සදහා ළදරු විසදුම් ජනතාව වෙත ලබාදුන් බවට චෝදනා ලැබූ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ක්‍රිස්තියානි පල්ලියක් ඇතුළු ක්‍රිස්තියානි ගම්මානයක් ගොඩනැගීම සදහා ගල්ගමුව ප්‍රදේශයේ වැව් රක්ෂිතයක ඉඩම් ලබාගන්නා ලෙස නියෝග කර ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.

තොරතුරු වාර්තාවලට අනුව මෙසේ පල්ලිය ඉදිකිරීම සදහා පවරා ගන්නා ලෙස ඇමතිවරයා විසින් නියෝග කර ඇත්තේ වන සංරක්ෂණ හා වාරිමාර්ග දේපාර්තමෙන්තුවලට අයත් අක්කර 42ක භූමිභාගයක්. එම බිම්කඩ අලින් මාරුවන අලිමංකඩක්ද වන අතර එය පල්ලියට පවරා ගැනීමෙන් පසුව එම භූමිය ආවරණය කිරීමට ඔවුන් කටයුතු කිරීම නිසා වන අලීන් ගම්වැදීමෙන් බරපතල අලි – මිනිස් ගැටමුක්ද නිර්මාණය වීමේ අනතුරක්ද මතුව තිබෙනවා. එමෙන්ම ගල්ගමුව නගරයට ජලය සපයන ජල මූලාශ්‍රය පිහිටා ඇත්තේද මෙම භූමියේයි.

රජයේ වැව් රක්ෂිත භූමිය පවරාගෙන මෙලෙස ඉදිකිරීමට යෝජිතව තිබෙන්නේ ජුසේවාස් ජාතික මධ්‍යස්ථානය ලෙස නම්කර ඇති මේ වනවිටත් එහි පවතින කුඩා පල්ලියක්. පෘතුගීසි ඔත්තුකරුවෙකු ලෙස මෙරටට පැමිණි ජුසේවාස් පුජකවරයා විසින් වර ගැන්වූ කුරුසියක් එම දෙවස්ථානයේ තැන්පත් කර තිබෙන බවද සදහන් වනවා. මේ වන විටත් වතිකානුව විසින් සෘජුව පාලනය කරන ජාත්‍යන්තර කතෝලික මධ්‍යස්ථානයක් ලෙස එය ප්‍රකාශයට පත්කර තිබෙන අතර ජාත්‍යන්තර ආගමික මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට සැලසුම් කරඇති බවද අනාවරණය වනවා.

පාරිසරික ගැටළු රැසකට මගපාදමින්, ජන ජීවිතය අනතුරේ හෙළමින් සිදුකරන අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකළාපයට එරෙහිව මෙම ප්‍රදේශයේ ජිවත්වන සියළු ආගම් අදහන ජනතාව විරෝධය පළකර සිටින අතර කිසිම හේතුවක් මත ප්‍රදේශයේ ජල පෝෂක ප්‍රදේශය විනාශ කිරීමට ඉඩ නොදෙන බවයි පවසන්නේ.

ප්‍රදේශයේ විහාරස්ථාන රැසක ස්වාමින් වහන්සේලා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් මේ පිරිබදව අමාත්‍ය ටී.බී ඒකනායක මහතාට තම විරෝධතා ඉදිරිපත්කර ඇති අතර ඔහු මෙම තත්වය ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට පැහැදිලි කරන බවට පොරොන්දු වී තිබෙනවා.

Related posts

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

සැවොම ජනපතිට ආයුබෝවන් කියද්දී පාඨලී අත් පිටුපසට බැඳ ගනියි

colombotoday

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රුසියානු සම්බාධකයක්‌. අවිආයුධ මිලට ගැනීමත් තහනම්.

colombotoday

මහින්ද තිරුපති ගිය ජෙට් එක දුන් වේලුපිල්ලේ කනනාදන් නොහොත් කන්නා ගේ පැටිකිරිය

colombotoday

රජගෙදර අන්දරේ තමයි රනිල් වික්‍රමසිංහ – පියසිරි විජේනායක

colombotoday

මළ අපවහන පද්ධතියක් නඩත්තු කල සේවකයින් දෙදෙනෙකු මරු දකී

Admin