Colombo Today Local News

සීතා කෝවිල හදන්න බෝධීන් වහන්සේ කපාදැමූ හිමිනමට මල්වත්තෙන් දැඩි දඩුවම්!

divurumwela

වැලිමඩ නුගතලාව දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ කපා දැමීමට මුල් වූ උණපාන චන්දවිමල හිමි විහාරාධිපති තනතුරෙන් සහ ඌව මහ දිසාවේ ද්විතියික සංඝනායක පදවියෙන් ඉවත් කිරීමට මල්වතු මහා පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් තීරණය කර තිබෙනවා.

මල්වතු මහාවිහාරයීය කාරක සංඝ සභාව විසින් ලබාදුන් වාර්තාවකට අනුවයි මෙම හිමිනම සම්බන්ධයෙන් අදාල තීරණය ගෙන තිබෙන්නේ.

දිවුරුම්වෙල පුරාණ විහාරයේ බෝධීන් වහන්සේ කපා ගිනි තැබීම සම්බන්ධයෙන් මෙම හිමිනමට චෝදනා එල්ල වී තිබෙන අතර මෙලෙස බෝධීන් වහන්සේ කපා දමා ඇත්තේ එම ස්ථානයේ සීතා කෝවිලක් ඉදිකිරීම පිණිසයි.

රාම සීතා ප්‍රවාදයේ එන පරිදි සිතා දේවිය සිය පතිවත සම්බන්ධයෙන් දිවුරුම් දී ඇත්තේ මෙම ස්ථානයේ බවට ජනප්‍රවාදයක් පවතින අතර ඉන්දියානු මැදිහත්වීම මත මෙම කෝවිල ඉදිකිරීමට සූදානම් වන බවයි තොරතුරු වාර්තා වන්නේ. රවිශංකර් නම් ඉන්දියානු පූජකයා මෙරටට පැමිණ අවස්ථාවේ නුවරඑළියේ පිහිටි සීතා කෝවිල පැමිණ ඇති අතර මේ පිටුපස ඔහුගේ සම්බන්ධයක් ඇති බවටද අනාවරණය වනවා.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය ජාවාම්කරුවෙක් ඔරුගොඩවත්තේදී අල්ලයි

Admin

පල්ලෙකැලෙන් පැන්න රැදවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්

Admin

විශ්ව විද්‍යාල 18 කින් එක රටක් එක නීතියක් බලකායට යෝජනා ලබා දෙති.

colombotoday

දිස්ත්‍රික්ක 10කට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

උලමා හා ISIS සම්බන්ධතා පිළිබදව බොදු බලේ ප්‍රශ්න කරයි…

colombotoday

අගමැති කාර්යාලයේ දේපල සොරාගත් අයෙක් අල්ලයි

colombotoday