Colombo Today Local News

21වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ තම කැමැත්තට අනුව – ජනපති

මහින්ද ඉවත් කිරීම දේශපාලන ජීවිතයේ ගත් අසීරුම තීන්දුවයි

තම දේශපාලන ජීවිතයේ දී ගත් අසීරුම තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීන්දුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

තමා එම අසීරු තීන්දුව ගත්තේ රට වෙනුවෙන් බවත්,රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට තමා සූදානම් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර, විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ තම කැමැත්තට අනුව බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කළේ ඔහු කෙරෙහි ඇති විශ්වාසයෙන් බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ විශ්වාසය මත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද ඔහුට සහාය ලබාදෙන බව සඳහන් කර ඇත.

Related posts

සහරාන්ගේ සොහොයුරා ජාතික රෝහලේදී පොලීසියෙන් බේරුණු හැටි

colombotoday

රියදුරු බලපත් ගන්න ගිහින් මත් ලෝලීයෙක් බව හෙළි වූවොත් දිවි ඇති තෙක් ලැබෙන දඬුවම

colombotoday

මල් පොහොට්ටුවේ පළමු මාධ්‍ය හමුව නෙළුම් මාවතේ.. අදම පැවැත්වූ හේතුවත් ජී.එල්. කියයි

colombotoday

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්

colombotoday

දෙහිවල-ගල්කිස්සේ බලයත් පොහොට්ටුව අල්ලයි.. නගරාධිපති පොහොට්ටුවෙන්…

colombotoday

වයඹ හරක්ට තහනමක්

Admin