Colombo Today Local News

බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද අරඔයි

මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද (27)දින ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ සඳහා ගෙවීම් සිදු කිරීමට පියවර ගත් බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ, බොර තෙල් ගොඩබෑමත් සමග සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ හැකි බවයි.

ඒ අනුව දින 6 කින් ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කළ හැකි බව ද ඔහු කියා සිටියේ ය.

සපුගස්කන්ද පිරිපහදුව යළි සක්‍රීය වන්නේ මාර්තු 20 වැනිදායින් පසුවයි.

මේ වනවිට පෙට්‍රල් හා ඩිසල් අඛණ්ඩව පිරවුම්හල් ‍වෙත බෙදා හැරීමට පියවර ‍ගෙන ඇති බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Related posts

රජය මිලදී ගත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට

colombotoday

මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබද තීරණය ලබන සදුදා

colombotoday

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ළමා ශ්‍රමිකයන් ඉහළ යාමේ අවදානමක්

Admin

රනිල්ගේ කට බොරු කීවත් සුමන්තිරන්ගේ දිව බොරු නොකියයි… අලුත් ව්‍යවස්ථාවෙන් රට ෆෙඩරල් කරන හැටි කියයි…

colombotoday

දුම්රිය පිලී පනී – උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Admin

කබ්රාල්ට විදෙස් ගමන් තහනම්

colombotoday