Colombo Today Local News

“ජූනිවලින් පස්සේ කන්න නැතිව දරුවන්ට මන්දපෝෂණය හැදෙයි. අඩු බර දරු උපත් වැඩි වෙයි.”

වැව්, අමුණු මෙන් ම කුඹුරු යායවල් මේ වන විට ජලයෙන් පිරී පැවැතියත් යල කන්නයේ වී වගාව අරඹා තිබෙන්නේ සියයට 45ක වපසරියක් පමණක් බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

වී වගාවට අවශ්‍ය පොහොර හිඟයත් වල්නාශක හා කෘමි නාශක, රසායන වෙළෙඳපොළේ නොමැති වීම ත් හේතුවෙන් ගොවීන් යල කන්නයේ වී වගා කිරීම අත්හැර දමා ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ හේතුව නිසා මේ වසරේදී රටේ විශාල හාල් හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බව ත් ඒ අනුව මේ වසර තුළ පරිභෝජනය සඳහා හාල් මෙට්‍රික් ටොන් අට ලක්ෂයක් පමණ ආනයනය කිරීමට සිදුවන බව ත් එසේ ආනයන කරන හාල් කිලෝවක් රුපියල් 200කට වැඩි මිලකට අලෙවි කිරීමට සිදුවන බව ත් ඇමතිවරයා පෙන්වා දෙයි.

ජූනි මාසය වන විට රටේ ඇති විය හැකි ආහාර හිඟය නිසා බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් පෙළිය හැකි බව ත් එසේ ම මවුවරුන් ද එවැනි තත්ත්වයකට පත්වීමෙන් අඩු බර දරු උපත් වැඩි විය හැකි බව ත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

Related posts

ඇඳිරි නීතිය ඉවත් කළහොත් විදුලි කප්පාදුව පැය 5 ක් දක්වා ඉහළට

colombotoday

ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා – IMF

colombotoday

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday

ආදානිගේ ව්‍යාපෘතියක් යලි සලකා බැලේ

Admin

පිළිකා ඖෂධ වලින් ගහපු ගැහිලි කෝප් වාර්තාවෙන් හෙළිවේ.. වංචනිකයන්ට ඇමති රැකවරණ !

colombotoday

ෆොන්සේකා ගෝඨාභය හා යහපාලනය – ජාතික වීරයන් හිරගෙට දක්කන ආණ්ඩුවට පාඩමක්

colombotoday