Colombo Today Local News

ලංගම බස් සීමාවන් යටතේ මගී ප්‍රවාහනය අරඹයි

ඇදිරි නීතිය ඉවත්කළ පැය 07ක කාලසීමාවේදී ඩිපෝ මට්ටමින් පළාත් තුළ සීමිත බස් රථ ප්‍රමාණයක් ධාවනයට යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක සදහන් කරන්නේ, දුරගමන් සේවා බස් රථ ධාවනය නොවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

ඇදිරි නීතිය පැනවීමත් සමග ලංගම සේවකයින් සිය ගම්බිම්බලා පිටත්ව ගොස් ඇති බැවින් බොහෝ දුරට අද දිනයේදී සේවයට වාර්තා නොකරන තත්වයක් පවතින බවද කිංස්ලි රණවක වැඩිදුරටත් සදහන් කරයි.

එම නිසා පළාත් තුළ සීමිත බස් රථ ධාවනයක් සිදුවන නමුත් අන්තර් පළාත් බස් රථ ධාවනය සිදුනොවන බව සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

පාසල් දරුවන්ට පෝෂණීය දිවා ආහාර වේලක් දෙන්න අමෙරිකාවෙන් අත

colombotoday

‘දානෙ වලදනවාට වඩා යැපුනේ බඩගෝස්තරයෙන්’ ඇමති ෆොන්සේකාගෙන් නැවතත් භික්ෂූන් වහන්සේලාට අවළාද [Video]

colombotoday

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ 24වන යුද හමුදාපති ධූරයට පත් කෙරේ

colombotoday

අස්වැසුම ගැන ලැබුණු අභියාචනා විමර්ශනයට පියවර

Admin

“රට අරාජිකයි.. යන්නේ ආපස්සට“ – ආචාර්ය දයාන් ජයතිලක ජනපතිගේ මූණට කියයි

colombotoday

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹෙයි | පළමු මාත්‍රාව ගත් අය කළ යුතු දේ මෙන්න

colombotoday