Colombo Today Local News

බස් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

කහවත්ත වටාපොත මාර්ගයේ දි පුද්ගලික බස් රථයක් අඩි 150 ක ප්‍රපාතයකට පෙරළිමෙන් තිදෙනකුට තුවාල සිදුවි කහවත්ත මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

කහවත්ත වටාපොත වත්තේ දි මාර්ග අංක 498 යටාගරය කහවත්ත ධාවනය කරන ලද පුද්ගලික බස් රථ කාර්මික දෝෂයක් හේතුවෙන් වටාපොත වත්තේ දි අද පෙරවරුවේ 09.30ට ප්‍රපාතයකට පෙරලිම ඇතැයි කහවත්ත පොලිසිය පවසයි.

එම අවස්ථාවෙි බස් රථයේ මගීන් 09 දෙදෙනකු පමණක් ගමන් කර ඇත.

තුවාලකරුවන් දෙදෙනකු කහවත්ත මුලික රෝහටත් එක් රෝගියකු නිවිතිගල රෝහලටත් ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතළ නොවෙන බව පොලිසිය පවසයි.

Related posts

“ඡන්දය කල් නොදාන්න” යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි

colombotoday

තරුණියක් දූෂණය කල පුද්ගලයෙක්ට වසර 58ක සිරදඬුවම් නියම කෙරේ

colombotoday

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද නැහැ

colombotoday

2005 ගෝඨාගේ ඡන්දය – CID යෙන් මෝසමක්

colombotoday

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදි හෙළි වූ තොරතුරු

colombotoday

එජාප වැඩ බලන මහ ලේකම් ධුරයට හිටපු විපක්ෂ නායකයෙක්

colombotoday