Colombo Today Local News

අවුට් වෙලා ක්‍රීඩාගාරයට යද්දී හූ හඩ මැද්දේ බංගලි ක්‍රීඩකයෙක් කරපු කැත වැඩේ (Video)

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කර කුසලානය දිනාගැනීමට ඉන්දියාව සමත් විය.

තරගය දෙපිලටම දෝලනය වූ අතර අවසානයේදී බංග්ලාදේශය කරා තරගයේ ජය පැමිණියත් අවසාන පන්දු ඕවර 2 ක තුල පිටියට පැමිණි දිනේෂ් කාර්තික් තරගය මුළුමනින්ම වෙනස් කලේ සියල්ලන් පුදුම කරවමින්ය.

අවසාන පන්දු ඕවර දෙක තුල ලකුණු 35 ක් ඉන්දියාවට අවශ්‍ය වූ අතර එම ලකුණු සංඛ්‍යාව සදහා දිනේෂ් කාර්තික් විසින් පන්දු 8ක් තුල ලකුණු 28 ක් ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නේය. අවසාන පන්දුව සදහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 5ක් අවශ්‍ය වූ අතර දිනේෂ් කාර්තික් විසින් එල්ල කල පහර 6 සීමාව පසුකල ගියේ සියල්ලන්ගේ ඇස් මවිත කරමින්ය.

පසුගිය තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ පහත් හැසිරීම විරෝධය දක්වමින් ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායටම සිය උපරිම සහයෝගය දක්වන අයුරු දැකගැනීමට හැකිවිය. තරගය අතරතුර බංග්ලාදේශ ක්‍රීඩකයෙකු ක්‍රීඩාගාරයට යන විට ක්‍රීඩාගාරයේ ඇති වැටට කකුලෙන් ගසන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල තුල සංසරණය වේ.

එම වීඩියෝව පහතින්,

[fbvideo link=”https://www.facebook.com/SriLankaOTC/videos/2046995902208391/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගිං ගඟ පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට… කළුතර ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday

නොරොච්චෝලේ ඉදිකිරිම් ප්‍රමාදයෙන් ලංවිම දෛනික පාඩුව රු.මිලියන 250

colombotoday

වසර දෙකහමාර තුළ 31,000කට ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

ලංගම රියදුරු-කොන්දොස්තර නිවාඩු අද සිට අවලංගුයි

colombotoday

අපට ඕනනම් රටම අකර්මන්‍ය කරන්න තිබුණා…

colombotoday

නොරොච්චෝලේ බලාගාරයේ 3වැනි ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට

Admin