Colombo Today Local News

ඉස්ලාම් ආගම අත් හැරි මුස්ලිම් ජාතිකයෙකු සාහසිකව ඝාතනය කරයි : Photos

මුසල්මානුවන් විසින් ඉස්ලාම් ආගම ඇත හැර ගිය මුස්ලිම් ජාතිකයෙකු සාහසිකව ඝාතනය කර ඇති බව ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා.

මෙම මාසයේ 16 වන දින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ , කොයම්බුතූර්හි ෆාරුක් නැමැති පූර්ව මුස්ලිම් ජාතිකයා ඝාතනය කර ඇත. ඔහු 31 හැවිරිදි දෙදරු පියෙකි.

මොහු අවුරුදු කිහිපයකට පෙර ඉස්ලාම් අගම අතහැර ගිය අතර , සමාජ ජාලවල දනාත්මක විවේචන , ලිපි හා ප්‍රශ්න ඉස්ලාම් ආගමට සම්බන්ධව ප්‍රචාරය කර ඇත. එවන් ප්‍රශ්න වලට පිළිතුරු දීගත නොහැකිව හා ඔහුගේ මත නුරුස්සන නිසාවෙන් මොහුගේ ප්‍රදේශයේ සිටින්නාවූ මුස්ලිම් ප්‍රජාව මොහුව සාහසිකව ඝාතනය කර ඇත්තේ මොහුගේ හඩ සදහටම නැවැත්වීමටය.

ප්‍රසිද්ධියේ නොකීවද , ඉස්ලම ආගම අතහැර යන්නවුන්ට මරණ දඩුවම දෙන ලෙස මොහමඩ් නබි තුමා දේශනා කර ඇත. ඒවැනි දේශනා සහිහුල් බුහාරි, ( 9:83:17), සහීහුල් මුස්ලිම් ( 16:4152, 16:4154 & 20:4490 )වැනි හදීස් පාඨවල සඳහන් කර ඇති අතර, ශුද්ධ වූ කුරානයේ 4:137, 3:90, 16:106 වැනි සූරාහ් වල එය තවදුරටත් තහවුරු කර ඇත. මෙසේ තිබියදී ඉස්ලාම් ආගම අතහැර යන්නවුන් තමා කොයි මොහෙතේ හෝ ඝාතනයට ලක්වේවි යන බිය හා ජීවිත තර්ජනයක් සහිතව ජීවත් වීමට සිදුව ඇත.

එසේම මෙම ඝාතනය, ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින් තරයේ හෙළ දකින අතර මෙවන් තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ට ප්‍රසිද්ධියේ කටයුතු කිරීමට හා සමාජය ඉදිරියේ පෙනීසිටීමට නොහැකි තත්වයක් ඇති බව මින් මනාව පැහැදිලි වී ඇති බව එම සංවිධානය අවධාරණය කර සිටියි.

Related posts

ආර්ථික අර්බුදය ජය ගැනීමට සහය වනවා.. නමුත් ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස තිබිය යුතුයි – යුරෝපා කොමිසම

colombotoday

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී මාසික වැටුප සිරගත බුද්ධි නිලධාරීන්ගේ සුබසාධනයට

colombotoday

මාස 8ට 174,000ක් රටින් පිටවෙයි

Admin

කොරෝනා වසංගතයට එරෙහිව රජය ගත් ක්‍රියාමාර්ග ජාත්‍යන්තරයේ පැසසුමට

colombotoday

මාසේ පඩිය තිස්හතරදාහයි.. කුප්‍රකට හෙද සහායක ලක්ෂ 111 කට ඉඩමක් ගනී !

colombotoday

ෆේස් බුක් සටහනකට ප්‍රතිචාර දැක්වූ දකුණු පළාත් පාලන කොමසාරිස්ට එරෙහිව පරීක්ෂණයක්

colombotoday