Colombo Today Local News

ලබන පාසල් වාරයේ සිට මිලියන දෙකක් සිසුන්ට දිවා ආහාරය පාසලෙන්ම


දැනට පාසල් සිසුන් සඳහා එක් දිවා ආහාරය ලබා දෙන ජාතික වැඩසටහන සීමිත පාසල් ප්‍රමාණයක් තුළ ක්‍රියාත්මක වන අතර ඉදිරි පාසල් වාරය ආරම්භයේදී ඇමරිකානු ආධාර ඇතිව එය ලක්ෂ 20 දක්වා වැඩි කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පැවසීය.

දැනට පාසල් සිසුන් සඳහා එක් දිවා ආහාරය ලබා දෙන ජාතික වැඩසටහන සීමිත පාසල් ප්‍රමාණයක් තුළ ක්‍රියාත්මක වන අතර ඉදිරි පාසල් වාරය ආරම්භයේදී ඇමරිකානු ආධාර ඇතිව එය ලක්ෂ 20 දක්වා වැඩි කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පැවසීය.

අමාත්‍යාංශය මේ වන විට පාසල් සිසුන් ලක්ෂ 12 කට දහවල් ආහාර වේලක් ලබා දෙන බව ඔහු පැවසීය.
USAID, World Food Program (WFP) සහ රජයේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ජනවාරි මාසයේදී ආරම්භ විය.


ඒ අනුව දවල්ට බත් සහ ව්‍යාංජන සහිත පරිපූර්ණ ආහාර වේලක් පිරි නැමේ.
මේ වැඩපිළිවෙළත් සමඟ මවුපියන්ට ආර්ථික ප්‍රශ්නවලින් යම් තරමකට හෝ සහනයක් ලැබෙන බව ඇමති පැවසීය.

පාසල් දරුවන්ට පන්ති කාමරය තුළ නිසි අවධානයක් යොමු කරමින් වඩාත් ප්‍රශස්ත ලෙස අධ්‍යාපන කටයුතුවල යෙදීමට සහ පාසල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පාසල්වල දහවල් ආහාරය වැඩි ප්‍රමාණයක් ලබාදීමට ඇමෙරිකානු රජය අනුග්‍රහය දක්වා ඇත.


අමාත්‍යවරයා සමඟ ඊයේ ඇඹිලිපිටිය ගුරු ආරගම විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය පැමිණ සිටියාය.


ඇමරිකානු තානාපති ජූලි චංන්ග් (Julie Chung) මහත්මිය ඇඹිලිපිටියේ ගල්වංගුව ගුරුආරගම විද්‍යාලයේ දවල් කෑම ලබාදෙන අයුරු නිරීක්ෂණ චාරිකාවකට එක් වූවා ය. තවද එම විද්‍යාලය සඳහා කියවීමේ පොත් ප්‍රදානයක් ද සිදු වූ අතර දරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන නව ව්‍යාපෘතිය ආරම්භ කිරීම ද මෙහි දී සිදු විය.

Related posts

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා තීරණය කරයි !

colombotoday

නිවස අසල කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන්

Admin

විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයාගේ වැඩ තහනම්

colombotoday

අම්බලන්ගොඩ ඝාතන රැල්ලේ තවත් බිල්ලක්?

Admin

මොරටුව නගරාධිපතිගේ නිවසට ගිනි තියයි

colombotoday

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday