Colombo Today Local News

මුස්ලිම් මන්ත්‍රීවරු අගමැතිට එරෙහි වෙයි

මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කිරීමට ආණ්ඩුව තවදුරටත් අ‍පොහොසත් වුවහොත් විශ්වාසභංග යෝජනාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය දීමට ආණ්ඩුවේ සිටින මුස්ලිම් මන්ත්‍රීවරුන් විසි එක් දෙනාට කටයුතු කිරීමට සිදුවන බව ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති එච්. එම්. එස්. හාරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

රට තුළ සිදුවන හිරිහැරයන්ට විරෝධය දක්වමින් ඇමතිධුරවලින් ඉල්ලා අස්වන ලෙසට මුස්ලිම් ජනතාව තමන් ඇතුළු මුස්ලිම් ඇමැතිවරුන්ට බලකරමින් සිටින බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

එනිසා ආණ්ඩුව පවතින ගැටුම්කාරී වාතාවරණය ඉක්මනින් සමනය නොකළහොත් තමන්ට දැඩි තීරණයක් ගැනීමට සිදුවන්නේ යැයිද ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කීවේය.

Related posts

බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වා ගැනීමට වන්නියේ පන්සල් පුරා ඇවිදිති

colombotoday

කුරුණෑගල සීනි ගබඩාවකටත් සීල් තියයි

colombotoday

ආණ්ඩුවට විරුද්ධව පාගමන් ගියොත් වෙනදේ බලාගමු !

colombotoday

“ජාතිවාදී උද්ඝෝෂණ, විග්නේෂ්වරන් – ඒකාබද්ධ විපක්ෂය අතර ඩීල් එකක්“ – මරික්කාර්

colombotoday

ආරුමුගන් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

colombotoday

‘බෑන්ක් ඔෆ් චයිනා‘ කොළඹ එයි

colombotoday