Colombo Today Local News

VAT වැඩිකර ජනතාවගේ ලේ බී අගමැති සහ ඇමතිවරු උදර පෝෂණය කරගනිමින් ඉන්නවා

jvp33

ජනතාවට සහන දෙනු වෙනුවට, ජනතාවගේ නහර කපා ලේ උරාගෙන අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය තම උදර පෝෂණය කරගන්නා බදු ප්‍රතිප්තතියක් අනුගමනය කරන බවත් ජනතා විමුත්ති පෙරමුණ පවසයි.

ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පැවසුවේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට ජන ජීවිතය අගලකින්වත් ඉදිරියට ගෙන යෑමට නොහැකි වී ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

මේ ආණ්ඩුවට දැන් අවුරුද්දකට වැඩි කාලයක් ගතවෙලා තිබෙනවා. ඕනෑම ආණ්ඩුවක ආර්ථික ගමන මැන බැලීමට අවුරුදු එකහමාරක් වැනි කාලයක් ඕනෑවටත් වඩා ප‍්‍රමාණවත්. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙලා අවුරුදු එකහමාරක් වෙනවා. රනිල් වික‍්‍රමසිංහ අගමැති වෙලා, රවී කරුණානායක මුදල් ඇමති වෙලා අවුරුදු එකහමාරක් ගතවෙලා තිබෙනවා. ඒ කාලය තුළ ඔවුන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති තමන්ගේ ජීවිත අඟලක්වත් ඉදිරියට ගෙනයාමට අසමත් බව ජනතාවට දැන් ඒත්තු ගැන්විලා තිබෙනවා.

ජනතාවට එහෙම කරද්දී අයවැයෙන් සම්මත නොකරන ලද විශාල මුදල් ප‍්‍රමාණයක් ආණ්ඩුව විසින් තමන්ගේ පරිභෝජනයට වෙන්කරගෙන තිබෙනවා. මේ ආණ්ඩුව පසුගිය බ‍්‍රහස්පතින්දා පරිපූරක ඇස්තමේන්තුවක් මගින් විවිධ අමාත්‍යාංශ සඳහා විශාල මුදලක් මේ වෙනකොටත් වෙන්කරගෙන අවසන්. අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහා ප‍්‍රභූ ආරකක්‍ෂක වාහන දෙකක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5,943ක් වෙන්කරගෙන තිබෙනවා. වාහන දෙකක් සඳහා රුපියල් ලක්‍ෂ 6,000ක් වැයකරන්නේ කොහොමද? විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දුගේ ඇමති නිල නිවාසය ප‍්‍රතිසංස්කරණයට රුපියල් 4,260,000ක් වෙන්කරගෙන තිබෙනවා. ඊට අමතරව තැපැල් සේවා හා මුස්ලිම ආගමික කටයුතු ඇමතිතුමාගේ නිල නිවාසය අලූත්වැඩියාව සඳහා රුපියල් 8,850,000ක් වෙන්කර ගන්නවා. සාමාන්‍ය ජනතාවට නිවසක් හදාගන්න ලබා දෙන්නෙත් රුපියල් ලක්‍ෂ 3ක ණය මුදලක් පමණයි. එසේ තිබියදී ඇමතිවරයෙකුගේ නිල නිවාසය අලූත්වැඩියාවට රුපියල් ලක්‍ෂ 88ක් වෙන්කර ගන්නවා. ඒ වගේම එම අමාත්‍යාංශයේ සංස්කෘතික ගොඩනැගිලි සංකීර්ණයක් සඳහා රුපියල් ලක්‍ෂ 1,160ක් වෙන්කරගෙන තිබෙනවා. රාජ්‍ය ව්‍යසාය සංවර්ධන ඇමති කබීර් හෂීම්ගේ අමාත්‍යාංශ කාර්යාල පරිශ‍්‍රය සැකසීමට රුපියල් ලක්‍ෂ 600ක් වෙන්කරගෙන තිබෙනවා. මේ ඇමතිවරුන්ගේ වියදම් සඳහා පමණක් රුපියල් ලක්‍ෂ 7,000කට අධික මුදලක් වෙන්කරගෙන තිබෙනවා.

ඒ නිසා අපිි මෙම බදු ක්‍රියාවලිය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් අපි ආරම්භ කරනවා. ඒ වගේම ඉදිරි සතියේදී මේ ආණ්ඩුවේ බදු ප‍්‍රතිපත්තියට එරෙහිව විශාල උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා. ජනතාවගේ ලේ නහර කපා ලේ අරගෙන අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලයේ උදර පෝෂණයට යොදා ගන්නා මේ ආණ්ඩුවේ බදු ක්‍රියාවලිය ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කළ යුතුයි. එමෙන්ම මෙම ක්‍රියාවලිය පරාජයට පත්කළ යුතුයි.”

Related posts

ජනපති කාර්ය මණ්ඩලය 2500 සිට 250ට අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස් !

colombotoday

විධායක ජනපති සතු බලතල සිමා නොකළ යුතුයි – තොණ්ඩමන්

colombotoday

සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා තනතුර හැර යයි

colombotoday

වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday

ජනපතිවරණය වෙනුවෙන් චමල් ඇප තැන්පත් කරයි !

colombotoday

රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය සමත්කර දෙන්න අල්ලස් ගත් සංවර්ධන සහකාරවරයෙක් අත්අඩංගුවට

colombotoday