Colombo Today Local News

ටෙලිකොම් ලොක්කෝ පිස්සු කෙලිනවා – වෘත්තීය සමිති ජනපතිට කියයි

ටෙලිකොම් සේවකයන් අද(28) දිනයේ දැවැන්ත වර්ජනයකට යෑමට සූදානම්ව සිටියි. ඒ ඔවුන් කාලයක සිට පවතින ගැටළු සම්බන්ධයෙන් ටෙලිකොම් පාලනාධිකාරිය කිසිදු පියවරක් නොගැනීම හේතුවෙනි.

මේවන විට ටෙලිකොම් ආයතනය දැඩි මූල්‍ය අර්බුධයකට පත්වී ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. ඊට හේතුව වී ඇත්තේ ටෙලිකොම් ආයතනයේ දෛනික කටයුතු කොන්ත්‍රාත් පදනම මත වෙනත් පුද්ගලික අංශ වෙත ලබා දීම සහ ටෙලිකොම් ආයතනයේ ඉහල නිලධාරීන්ගේ මුදල් අවභාවිතය නිසා බව එම සමිති පෙනවා දෙයි.

මේ සමිබන්ධයෙන් හඩ නගන වෘත්තීය සමිති මර්ධනය කිරීමට ටෙලිකොම් ආයතනයේ මානව සම්පත් කළමණාකාරීවරිය කටයුතු කරමින් සිටින අතර, ඇතැම් වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනමටද ලක් කොට ඇත.

මේ වන විට ටෙලිකොම් ආයතනයේ සේවකයන්ට පසුගිය වසරට අදාල ප්‍රසාද දීමනා පවා නොගෙවා ඇති අතර, මෙම වසරට අදාල 10% වැටුප් වර්ධකයෙන් අඩක් පමණක් ගෙවීමට කටයුතු කර ඇත. මේ කරුණු මුල් කරගනිමින් ටෙලිකොම් ආයතනයේ පවතින ගැටළු නිරාකරණය කිරීමට ජනපති හෝ අගමැතිවරයා මැදිහත් වන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

Related posts

“සීමාව ඉක්මවා ඇදහීමෙන් භයානක ප්‍රතිඵල“ – ‘පූර්ව මුස්ලිම් ජාතිකයන්ගෙන්‘ විශේෂ පණිවිඩයක් !

colombotoday

හරින් – මනුෂ ජිනීවා යයි

colombotoday

“අලි රොෂාන්” ඇතුළු විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ්

colombotoday

ආගමික හිමිවරු සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත කරන්නේ නෑ- ඩලස්

colombotoday

මහර ගැටුම – මියගිය දෙදෙනෙකු හඳුනාගනී

colombotoday

බුද්ධික-සුජීව එජාප මන්ත්‍රී හමුව මගහරී.. ජනපති හමුවෙයි !

colombotoday