Colombo Today Local News

පොලිස්පතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

මිරිහාන විරෝධතාවයේදී මාධ්‍යවේදීන්ට පහරදීම ද මානව හිමිකම් කොමිසන් සභාව දැඩි ලෙස හෙළා දැක තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ලබන අඟහරුවාදා පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවන බව එම කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කරයි.

මේ අතර අනුරාධපුර විරෝධතාවයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු එම විරෝධතාකරුවන්ට කළ පහරදීමක් සම්බන්ධයෙන් ද මානව හිමිකම් කොමිසන් සභාවේ අවධානය යොමුව ඇති අතර ඔහු ද ලබන අඟහරුවාදා කොමිසම හමුවට කැඳවා ඇති බව කොමිසම ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සියලු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද (03)දින පැවති විශේෂ හමුවකදී මෙම තීරණවලට එළැඹි බව එම කොමිසමේ සභාපතිනී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සදහන් කර ඇත.

Related posts

සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමිගෙන් ඇපෑලක්

colombotoday

පරිසර ඇමති චන්ද්‍රසේනට බදියුදීන් වැහෙයි… කෝමාරිකා හිටවන්න විල්පත්තු රක්ෂිත මායිම වනසයි !

colombotoday

ඕෂධීට නාමයෝජනා දී ඇත්තේ නාමයෝජනා මන්ඩලයේ බූරුවෙක්..- බැසිල්

colombotoday

අල්ලස් ගත් කම්කරු කාර්යාල නිලධාරි‌යා අත්අඩංගුවට

colombotoday

විෂෙන් විෂ නසන අලුත් බෙහෙතක් පේරාදෙණීයෙන් සොයා ගනී.

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday