Colombo Today Local News

අල්ලස් ගත් කම්කරු කාර්යාල නිලධාරි‌යා අත්අඩංගුවට

මහනුවර දකුණ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරීයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රුපියල් දස දහසක අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේදීය.

සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් කඩුගන්නා ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා සැකකාර කම්කරු නිලධාරියා රුපියල් තිස් දහසක අල්ලසක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සඳහන් කළේ ය.

රුපියල් පහලොස් දහසක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති සැකකරු මීට පෙර රුපියල් පන්දහසක මුදලක් ලබාගෙන තිබේ.

Related posts

වත්තලදී කෝටියක කුඩු සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි

Admin

ඉන්ධන මෙට්‍රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනයට පියවර.

colombotoday

නව රේගු අධ්‍යක්ෂ ෂෙමාල් ප්‍රනාන්දු රණවිරුවන්ට එරෙහිව ඩයස්පෝරා කුමන්ත්‍රණ ඉටුකළ අයෙක්

colombotoday

පාර්ලිමේන්තුවට ඇතුල්වෙන සියලු මන්ත්‍රීවරු ආරක්ෂක අංශ පරික්ෂා කරයි

colombotoday

බටහිර පර්යන්තය සංවර්ධනයට ආයෝජකයෙකු නම් කරන්නැයි ඉන්දියාවට හා ජාපනයට දැනුම් දීමට කමිටු තීරණයක්

colombotoday

රට විරුවන්ට විදුලි රිය ආනයනයට අවසර

colombotoday