Colombo Today Local News

යාපනය ජනපති මැදුර සුපිරි හෝටලයක් කරන්න ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවයි

යාපනය කන්කසන්තුරේ ඉදිවන ජනාධිපති මන්දිරය සුපිරි හෝටලයක් බවට පත්කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම මන්දිරය හෝටලයක් බවට පත්කිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම ඉදිරි සති කිහිපය තුළදී සිදුකිරීමට නියමිතය.

යාපනය කන්කසන්තුරේහි ඉදිවන මෙම ජනාධිපති මන්දිරය සඳහා මේවනවිට රුපියල් කෝටි තුන්සිය පනහක මුදලක් වියදම් වී ඇති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. එබැවින් මෙය හෝටලයක් බවට පත්කිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට යොමුවන බවද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කළේ පුවත්පත් මාධ්‍යවේදීන් සමග සිදුකළ සාකච්ඡාවේදීය.

යාපනය ජනාධිපති මන්දිරය පසුගිය ආණ්ඩු සමයේදී ඉදිකිරීම් ආරම්භ වූවකි. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාපවසා තිබුණේ කන්කන්තුරෙයිහි කිසිදු ජනාධිපති මන්දිරයක් ඉදිවෙමින් නොපැවැති බවයි.

1980දී කොටි ත්‍රස්තයන් විනාශ කරනතුරු ජනාධිපති මන්දිරයක් යාපනය කොටුවේ තිබූ බවත්, මෙම ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බවත්, නාවික හමුදාව එහි ඉදිකිරීම් භාරව සිටි බවත් මහින්ද රාජපක්ෂ මහතා වරෙක පවසා තිබිණි.

කන්කසන්තුරෙයිහි සහ ආරුගම්බේහි ඉදිවෙමින් පැවැති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන බවත්, ඒවා අනෙක් සම්මන්ත්‍රණ ශාලාවලට වඩා වෙනස් වන්නේ නවාතැන් පහසුකම් සහිතව ඒවා ඉදිකිරීම හේතුවෙන් බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි.

ada.lk

Related posts

IMF කොන්දේසියක් මත සොරකම් කළ වත්කම් අය කරගන්න දූෂණය මැඩලීමේ පනතක්

Admin

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් අල්ලයි

Admin

අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස

colombotoday

වාහන හිඟා කෑමේ අදහසක් තිබුණේ නෑ – ෆීල්ඩ් මාර්ෂල්

colombotoday

මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්

colombotoday