Colombo Today Local News

පාඨලීගේ මූලික විරෝධතාවක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු බරපතළ අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු විසින් මතුකළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් එම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව ජුනි මස 17 වනදා විත්තිකරුට අධිකරණය හමුවේ චෝදනා කියවා දී නඩු විභාගය ආරම්භ කරන බවත් විනිසුරුවරයා නියෝග කර ඇත.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කර තිබේ.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස නොසැලකිලිමත්ව රිය පදවා සංදීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණයෙකු අනතුරට ලක්කොට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව එම නඩුව ගොනු කර තිබේ.

Related posts

මුරලිදරන්ගේ ජීවන කතාව චිත්‍රපටයේ පෝස්ටරයක් ප්‍රසිද්ධ කෙරේ

Admin

මේ බෞද්ධ රටේ ප්‍රාදේශීය සභාවකටවත් නාගානන්ද කොඩිතුවක්කු සුදුසු නැත.

colombotoday

නාවික හමුදා භාරයේ තිබූ ඉරනතිව් දූපත පිරිසක් බලහත්කාරයෙන් අල්ලා ගනී

colombotoday

කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීමේ තාක්ෂණික කමිටුවේ සභාපතිට අලි සබ්‍රිගෙන් තර්ජන.

colombotoday

කොළඹ ඉඩම සිංගප්පූරුවට විකිණුවේ නෑ… බදු දුන්නා පමණයි !

colombotoday

යාපනේ කොරෝනා අවදානමක්.. ඉන්දියාවේන් පැමිණි කොරෝනා රෝගියා වෙළදාමේ ගිහින්

colombotoday