Colombo Today Local News

ඇමැති ධුරවලින් පැන්නු විමල්-උදය මැතිසබයේ නෑ

ඇමැති ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් පැමිණෙනු ඇතැයි බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටියද එම දෙදෙනා පාර්ලිමේන්තුවට අද (8)දින නොපැමිණියහ.

එසේම ඇමැති ධුරයේ රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටින වාසුදේව නානායක්කාර මහතාද පාර්ලිමේන්තුවට ඊයේ නොපැමිණියේය.

මේ අතර අලුතින් පත්වූ ඇමැතිවරුන් මැතිසබයේ ඉදිරි පෙළ අසුන්ගෙන සිටිනු දැකගත හැකිවිය.

කර්මාන්ත අමාත්‍ය ධූරයට අලුතින් පත් කෙරුණු එස් බී දිසානායක මහතා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ දෙවැනි ආසනයේ අසුන් ගෙන සිටි අතර ප්‍රවාහන අමාත්‍ය ධූරයට අලුතින් පත් කෙරුණු දිලුම් අමුණුගම මහතා ආණ්ඩු පක්ෂයේ දෙවැනි පේළියේ 30 වැනි ආසනයේ අසුන්ගෙන සිටිනු දැකගත හැකිවිය.

දිලුම් අමුණුගම සහ එස් බී දිසානායක යන මහත්වරුන් අසලට පැමිණි සහෝදර මන්ත්‍රීවරු එම දෙපළට සුභ පැතුම් පිරිනැමූහ.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ 73 වැනි ආසනයද උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ 78 වැනි ආසනයද වෙන්කර තිබෙනු දැකගත හැකි විය.

Related posts

කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් හමුදා සෙබළියන් පිරිසක් විරෝධතාවක

Admin

සැඟව සිටි නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග පොලිස් දැලේ

colombotoday

සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රීය කරන්න – මහජන උපයෝගිතා කොමිෂමෙන් දැනුම් දීමක්

colombotoday

අලි මරා දමන්න දැමූ හක්කපටස් පුපුරා එක්දරුපියෙක් මරුට

colombotoday

වෙබ් අඩවිවලට, සමාජ ජාලාවලට අගමැති අනතුරු අඟවයි !

colombotoday

සතොස භාණ්ඩ කීහිපයක මිල පහළට

Admin